අයිස් සමඟ දෙදෙනෙක් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු සහ ජාවාරම් කිරීමට අනුබල දුන් පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ 10 ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඊයේ (22) පස්වරුවේ සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සොයා ගැනුණා.

ඒවායේ වටිනාකම රුපියල් 2,500,000ක් පමණ වන බවයි විශේෂ කාර්ය බලකාය වැඩි දුරටත් සඳහන් කළේ.

ඔහු සන්තකයේම තිබී මුදලින් රුපියල් 57,590 ක්, ජංගම දුරකථනක් සහ විද්‍යුත් තරාදියක් ද සොයාගැනීමට හැකිව ඇති අතර සැකකරු 29 හැවිරිදි වියේ පසුවන්නෙක්.

ඔහුට අනුබල දුන් අනෙක් පුද්ගලයා වයස අවුරුදු 37ක කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශන කටයුතු සඳහා මරදාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

WhatsApp Image 2022 07 23 at 9.11.00 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?