අයිස් සමඟ දෙදෙනෙක් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු සහ ජාවාරම් කිරීමට අනුබල දුන් පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කොළඹ 10 ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව ඊයේ (22) පස්වරුවේ සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සොයා ගැනුණා.

ඒවායේ වටිනාකම රුපියල් 2,500,000ක් පමණ වන බවයි විශේෂ කාර්ය බලකාය වැඩි දුරටත් සඳහන් කළේ.

ඔහු සන්තකයේම තිබී මුදලින් රුපියල් 57,590 ක්, ජංගම දුරකථනක් සහ විද්‍යුත් තරාදියක් ද සොයාගැනීමට හැකිව ඇති අතර සැකකරු 29 හැවිරිදි වියේ පසුවන්නෙක්.

ඔහුට අනුබල දුන් අනෙක් පුද්ගලයා වයස අවුරුදු 37ක කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සැකකරුවන් දෙදෙනා ඉදිරි විමර්ශන කටයුතු සඳහා මරදාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

WhatsApp Image 2022 07 23 at 9.11.00 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23
Video thumbnail
උණුසුම්වූ පල්ලන්සේන බන්ධනාගාරයෙන් මාරුකළ රැඳවියන්ගේ නම් ප්‍රසිද්ධ කරයි
02:12
Video thumbnail
නාමල්, සාගර ගැන කට අරියි - කන්ටේනර් පන්නලා ජනතාවගේ ජීවන වියදම අඩු කරනවද ?
06:56
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය හිනාවෙවී ලොකු කතාවක්
07:40
Video thumbnail
රනිල් වාළුකාරාම විහාරයට ගිහින් කළ කතාව - ඉතා අමාරු කාලයක තමයි අපි වැඩ කටයුතු කළේ
04:23