ඉබෝලා වෛරසයට සමාන ‘මාබර්ග්’ වෛයිරසය වැළඳුණු ආසාදිතයින් දෙදෙනෙක් බටහිර අප්‍රිකාවේ පිහිටි ගානා රාජ්‍යයෙන් හමු වූ බවට විදෙස් වාර්තා ඊයේ සඳහන් කළා.
මෙලෙස හඳුනාගත් ආසාදිතයින් දෙදෙනා මිය ගොස් ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.
රසායනාගාර වාර්තා මඟින් තහවුරු වී ඇත්තේ ‘මාබර්ග්’ වෛයිරසය මෙම මරණවලට හේතුවී ඇති බවයි.
මෙම රෝගීන්ට පාචනය, උණ, ඔක්කාරය සහ වමනය ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
මේ හේතුවෙන් පුද්ගලයින් 98 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවයි ගානා සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.
‘මාබර්ග්’ වෛයිරසය සඳහා තවමත් ප්‍රතිකාරයක් සොයාගෙන නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2














