ඉන්ධන මිල අඩුවීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් ?

රජය විසින් ඉන්ධන මිල පහත දැමීමට ගත් තීරණයත් සමඟ එම වාසිය ජනතාවට ලබාදීමට හැකි බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ලංකා පෞද්ගිලක බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ ඉන්ධන මිල අඩු කළ ද, ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනමින් සිදුවනවා නම් එහි වාසිය ජනතාවට ලබාදිය හැකි බවයි.

පසුගිය අවස්ථාවල ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඊට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීමට ද කටයුතු කළා.

ඒ අනුව අවසන් වරට සිදුකළ බස් ගාස්තු සංශෝධනයේ දී අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා වැඩි කිරීමටයි තීරණය කළේ.

මේ අතර ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් පහත දැමීමට කටයුතු කළා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ද, ඩීසල් ලීටරයක් රුපියල් 20කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ද අඩුකිරීමට පියවර ගත්තේ.

මෙම මිල අඩු කිරීමට සාපේක්ෂව ලංකා අයි.ඕ.සී සමාගම ද වෙළඳපොළට නිකුත් කරන ඉන්ධනවල මිල ගණන් අඩු කිරීමට ඊයේ රාත්‍රියේ සිටම කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23