වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට, ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් විසින්, ලේකම්වරයාට අදාල ලිපිය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ හට තම පක්ෂයේ සහයෝගය පළකරන බව සාගර කාරියවසම් මන්ත්‍රීවරයා ඊයේ (15) ප්‍රකාශ කර සිටියා.
එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මෙම විශේෂ ලිපිය යොමුකර ඇත්තේ.














