AFC Banner
Empty Ad
Empty Ad

ටෝකන් ඉල්ලා ඉන්ධන පිරවුම්හල් අසලට එන්න එපා

ඉන්ධන පෝලිම් සඳහා අලුතින් එක්වන පුද්ගලයින්ට ටෝකන් ලබාදීමක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ටෝකන් ඉල්ලා පෝලිම්වලට එක් නොවන ලෙසයි අමාත්‍යවරයා මහජනතාවට දැනුම් දෙන්නේ.

පසුගිය 23 වනදා පැමිණීමට නියමතව තිබූ ඉන්ධන නෞකාව මෙරටට නො පැමිණෙන බව වාර්තා වීමත් සමඟ, එම අවස්ථාවේ පෝලිම්වල රැඳී සිටි පිරිස් වෙත ආරක්ෂක අංශ විසින් ටෝකන් පත් නිකුත් කරනු ලැබුවේ තවත් පිරිස් පෝලිම් වෙත ගෙන්වා නොගැනීමට බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් ජනතාව මෙය වැරදි ලෙස අවබෝධ කරගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා පෝලිම්වලට එක්වන පිරිස් වෙත අලුතින් ටෝකන් ලබාදීමක් සිදු නොකරන බවයි ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව ඇනවුම්කර ඇති ඉන්ධන තොග මෙරටට පැමිණීමෙන් පසු ඉන්ධනහල් වෙත පැමිණ ඉන්ධන ලබාගත හැකි ආකාරයට නව ක්‍රමවේදයක් සකස්කරන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?