ටෝකන් ඉල්ලා ඉන්ධන පිරවුම්හල් අසලට එන්න එපා

ඉන්ධන පෝලිම් සඳහා අලුතින් එක්වන පුද්ගලයින්ට ටෝකන් ලබාදීමක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ටෝකන් ඉල්ලා පෝලිම්වලට එක් නොවන ලෙසයි අමාත්‍යවරයා මහජනතාවට දැනුම් දෙන්නේ.

පසුගිය 23 වනදා පැමිණීමට නියමතව තිබූ ඉන්ධන නෞකාව මෙරටට නො පැමිණෙන බව වාර්තා වීමත් සමඟ, එම අවස්ථාවේ පෝලිම්වල රැඳී සිටි පිරිස් වෙත ආරක්ෂක අංශ විසින් ටෝකන් පත් නිකුත් කරනු ලැබුවේ තවත් පිරිස් පෝලිම් වෙත ගෙන්වා නොගැනීමට බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත් ජනතාව මෙය වැරදි ලෙස අවබෝධ කරගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා පෝලිම්වලට එක්වන පිරිස් වෙත අලුතින් ටෝකන් ලබාදීමක් සිදු නොකරන බවයි ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව ඇනවුම්කර ඇති ඉන්ධන තොග මෙරටට පැමිණීමෙන් පසු ඉන්ධනහල් වෙත පැමිණ ඉන්ධන ලබාගත හැකි ආකාරයට නව ක්‍රමවේදයක් සකස්කරන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04