“ගෑස් විතරක් නෙවෙයි මන්නාරමේ ඛනිජ තෙල්ද තියෙනවා.. ගවේෂණයට මන්නාරම් ද්‍රෝණියේ ඉඩම් කැබලි 873 ක්.”

ඛනිජ තෙල් ගවේෂණ සඳහා මන්නාරම් ද්‍රෝණියේ ඉඩම් කැබලි 873ක් බෙදා වෙන් කර ඇති බැවින් දැන් ආයෝජකයන් කැඳවීම ඉක්මනින් ආරම්භ කළ යුතු බව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සාලිය වික්‍රමසූරිය පවසයි.

ආයෝජකයන් මේ සඳහා පැමිණීමට අදි මදි කළ හේතු කිහිපයක් තිබූ බවත් මේ වනවිට ඒවා විසඳා අවසන් බව ත් කී සභාපතිවරයා දැන් ආයෝජකයන්ට තම කැමැත්ත අනුව ඉඩම් කැබලි තෝරාගෙන ගවේෂණ ආරම්භ කළ හැකි බව ද සභාපතිවරයා කීය.

මේ වනවිටත් මන්නාරම් ද්‍රෝණියේ කැණීම් කළ ළිං දෙකක ස්වාභාවික ගෑස් හමු වී ඇති බව ත් ඒවා රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් වන නමුත් වානිජ වශයෙන් නිෂ්පාදන සමාගමකට පැමිණ නිෂ්පාදන ඇරඹීමට ප්‍රමාණවත් නොවන බැවින් එම ළිං තිබියදී තව ත් නිධි සොයා යාමට අවශ්‍ය බවත් වික්‍රමසූරිය මහතා සතිඅන්ත පුවත්පතකට පවසා තිබෙනවා..

ගෑස් පමණක් නොව මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ඇතැයි විශ්වාස කරන බැවින් ඛනිජ තෙල් සොයා ගවේෂණ ආරම්භ කළ යුතු බව ද ඔහු කියා සිටියේ ය.

“දැන් ඛනිජ තෙල් ගවේෂණ සඳහා ආයෝජකයන්ට පැමිණිය හැකියි. ඔවුන්ට තිබුණු බාධා ඉවත් කරලා. නීති රාමුවක් හදලා තිබෙනවා. ප්‍රතිපත්තියක් හදල තිබෙනවා. ඒ නිසා ආයෝජකයන්ට ආරාධනා කළ යුතුයි,” යනුවෙන්ද සභාපතිවරයා තවදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08