ඩුබායි ගිය තරුණ තරුණියෝ රැකියා නැතිව අසරණ වෙයි

රටේ පවතින දරුණු ආර්ථික හා දේශපාලන අර්බුදය හේතුවෙන් පීඩාවට පත්වී රැකියා සොයා එක්සත් අරාබි එමීර් රාජයට සංචාරක වීසා මගින් පැමිණි තරුණ තරුණියන් විශාල පිරිසක් රැකියා නොමැතිව කඹලෙන් ළිපට වැටී අන්ත අසරණ භාවයට පත්වී සිටිති.රැකියාවක් සොයා ගැනීමට ඉතාම ලෙහෙසි විදේශ රාජ්‍ය එමිරේට්ස් රාජ්‍ය බව උපකල්පනය කරන තරුණ තරුණියෝ රැල්ලට මෙන් එමීර් රාජ්‍යට පැමිණෙමින් සිටිති.

එසේ පැමිණි විශාල පිරිසක් මාස ගණනාවක් තිස්සේ රැකියා සොයා ගැනීමට නොමැතිව සිගමන් යදින තත්ත්වයට පත්ව සිටිති.

එක්සත් අරාබි එමීරයේ අබුඩාබි, ඩුබායි, සජා, රසල් අයි කයිමා, අජ්මාන්, පුජේරා ඇතුළු නගර රැසකට පැමිණ රැකියා සොයන්නන් රැකියා සොයා ගැනීමට නොහැකිව අන්ත අසරණ භාවයට පත්වී සිටිති.

ව්‍යාජ රැකියා ඒජන්සිකරුවන් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් අයකර සංචාරක වීසා ඔස්සේ තරුණ තරුණියන් එක්සත් අරාබියේ විවිධ ප්‍රාන්තවලට එවා ඇතත් ඔවුන් රැකියා නොමැතිව මාස ගණනක කලයක් කුසගින්නේ මහමග නන්නත්තාරයේ ඇවිදිමින් සිටිති.

බොහෝ ව්‍යාජ රැකියා ආයතන මෙම රාජ්‍යයේ විශිෂ්ට ආයතනවල නම් භාවිතා කර ඩිරාම් 4000-5000 (රැපියල් තුන්ලක්ෂ අනූදහස හාරලක්ෂ අනූදහස) අතර වැටුප් ලබාගත හැකි රැකියා ඇබෑර්තු ඇති බව පවසමින් තරුණ තරුණියන් මුළාකර මුදල් අයකර ගෙන ති⁣බේ.

මේ දිනවල රටේ සෙල්සියස් අංශක 50 ඉක්මවූ උෂ්ණත්වයක් පවතින අතර රැකියා නොමැති තරුණ තරුණියන් ගිනි අව්වේ රැකියා සොයමින් හා එදි නෙදා ජීවත්වීමට යම් මුදලක් සොයා ගැනීමට සිඟමන් යැදීම සුලබ දසුනක් බවට පත්වී ඇත..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනුරගේ බෝට්ටුවේ ලොකු හිලක්..ඔළුව දාලත් වහන්න Try කළා"අර්චුනා ත්‍රීවීල් එකෙන් යන්න යයි
11:14
Video thumbnail
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි උණුසුම් තත්ත්වයක්.."මේකා දොස්තර කෙනෙක්ද කොන්දොස්තර කෙනෙක්ද"
11:14
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48


?