රටේ පවතින දරුණු ආර්ථික හා දේශපාලන අර්බුදය හේතුවෙන් පීඩාවට පත්වී රැකියා සොයා එක්සත් අරාබි එමීර් රාජයට සංචාරක වීසා මගින් පැමිණි තරුණ තරුණියන් විශාල පිරිසක් රැකියා නොමැතිව කඹලෙන් ළිපට වැටී අන්ත අසරණ භාවයට පත්වී සිටිති.රැකියාවක් සොයා ගැනීමට ඉතාම ලෙහෙසි විදේශ රාජ්‍ය එමිරේට්ස් රාජ්‍ය බව උපකල්පනය කරන තරුණ තරුණියෝ රැල්ලට මෙන් එමීර් රාජ්‍යට පැමිණෙමින් සිටිති.
එසේ පැමිණි විශාල පිරිසක් මාස ගණනාවක් තිස්සේ රැකියා සොයා ගැනීමට නොමැතිව සිගමන් යදින තත්ත්වයට පත්ව සිටිති.
එක්සත් අරාබි එමීරයේ අබුඩාබි, ඩුබායි, සජා, රසල් අයි කයිමා, අජ්මාන්, පුජේරා ඇතුළු නගර රැසකට පැමිණ රැකියා සොයන්නන් රැකියා සොයා ගැනීමට නොහැකිව අන්ත අසරණ භාවයට පත්වී සිටිති.
ව්‍යාජ රැකියා ඒජන්සිකරුවන් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදලක් අයකර සංචාරක වීසා ඔස්සේ තරුණ තරුණියන් එක්සත් අරාබියේ විවිධ ප්‍රාන්තවලට එවා ඇතත් ඔවුන් රැකියා නොමැතිව මාස ගණනක කලයක් කුසගින්නේ මහමග නන්නත්තාරයේ ඇවිදිමින් සිටිති.
බොහෝ ව්‍යාජ රැකියා ආයතන මෙම රාජ්‍යයේ විශිෂ්ට ආයතනවල නම් භාවිතා කර ඩිරාම් 4000-5000 (රැපියල් තුන්ලක්ෂ අනූදහස හාරලක්ෂ අනූදහස) අතර වැටුප් ලබාගත හැකි රැකියා ඇබෑර්තු ඇති බව පවසමින් තරුණ තරුණියන් මුළාකර මුදල් අයකර ගෙන තිබේ.
මේ දිනවල රටේ සෙල්සියස් අංශක 50 ඉක්මවූ උෂ්ණත්වයක් පවතින අතර රැකියා නොමැති තරුණ තරුණියන් ගිනි අව්වේ රැකියා සොයමින් හා එදි නෙදා ජීවත්වීමට යම් මුදලක් සොයා ගැනීමට සිඟමන් යැදීම සුලබ දසුනක් බවට පත්වී ඇත..














කිසිම දේකට බය වෙන්න එපා පඩිය ගැන හිතන්නේ නැතිව පොඩි ජොබ් එකක් හරි කරන් ඉන්න..
මව whatsapp walin contact karanna
10years මම හිටියා දන්න අය ඉන්නවා පොඩි ජොබ් එකක් හරි හොයලා දෙයි සල්ලි එපා…+94 77 938 2222
කොපමණ ප්‍රශ්න තිබූ වත්,ඒජන්සියට රැවටුනා කියන එක අනුමත කල නොහැකිය.අනෙක කිසිම සහතිකයක් නැතිව තව රටකට යන එක එනවිට හා රසිසාවක් කරගෙන ඉන්න ලාංකීන්ටද ප්‍රශ්නයක්.අද එහි ඇති වියදම් රස්සාවක් දරණ මිනිහෙකුට ක් දරාගන්න බැරිකොට,රස්සාවක් සොයා යාම මොඩකමකි.මෙම වැරැද්දට නිදහස්ට කරුණු කීමෙන් පල නැත.