ඇමරිකානු රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් දිවයිනට

ඇමරිකානු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් අද (26) අලුයම 2.20ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරින් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් ඔවුන්ව පිළිගැනීමට ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබර්ට් කැප්‍රොත් සහ දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් යන අය මෙරටට පැමිණි නියෝජිත පිරිසට ඇතුළත්.

දිවයිනට පැමිණි ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිස ලබන 29 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

ඔවුන් මෙම සංචාරය අතර තුර රජයේ ඉහළ පෙළේ නියෝජිතයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම ආර්ථික විශේෂඥයින් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01