කලාපීය සෞඛ්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන බිම්ස්ටෙක් (BIMSTEC) සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවේ සභාපති ධුරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස තේරී පත්වුණා.
අද (11) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වූ මෙම සමුළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවීම, බිම්ස්ටෙක් කලාපයේ සෞඛ්‍ය සහයෝගීතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැවරෙන ප්රමුඛ නායකත්ව වගකීම සනිටුහන් කරන්නකි.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය යන සාමාජික රටවල් හතේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවේදී කලාපීය මහජන සෞඛ්‍ය ආරක්ෂාව, බෝවන රෝග පාලනය, සෞඛ්‍ය හදිසි අවස්ථාවන්ට මුහුණදීමේ සූදානම සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ තාක්ෂණික හා දැනුම් හුවමාරුව ඇතුළු වැදගත් ක්ෂේත්‍ර රැසක් පිළිබඳව අවධානය යොමු කෙරෙනවා.
මෙම සමුළුවේ සභාපති ධුරයට පත්වීම තුළින් කලාපීය සෞඛ්‍ය ප්‍රතිපත්තිමය සංවාදය සහ සාමූහික ක්‍රියාමාර්ග මෙහෙයවීමේ වැදගත් වගකීමක් ශ්‍රී ලංකාවට පැවරී තිබෙනවා.
