spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකානු රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් දිවයිනට

ඇමරිකානු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් අද (26) අලුයම 2.20ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති අතර, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරින් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් ඔවුන්ව පිළිගැනීමට ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.

ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබර්ට් කැප්‍රොත් සහ දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් යන අය මෙරටට පැමිණි නියෝජිත පිරිසට ඇතුළත්.

දිවයිනට පැමිණි ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිස ලබන 29 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

ඔවුන් මෙම සංචාරය අතර තුර රජයේ ඉහළ පෙළේ නියෝජිතයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම ආර්ථික විශේෂඥයින් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?