ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවන නොසන්සුන්තාවන් ගැන නීතිඥයින්ගෙන් විශේෂ නිවේදනයක්

කුරුණෑගල, මාස්පොත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී පිස්තෝලයක් අතින් ගත් පොලිස් නිලධාරියකු මහජනතාවට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

මෙම සිදුවීම ඇතුළුව පොලිසිය විසින් සිදුකළ තවත් එවැනිම සිදුවීම් කිහිපයක් සහ ඉන්ධන පිරවුම්හල් අසල ඇතිවන නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනය පහතින්..

අපේ රටේ මිනිසුන් දහස් ගණනක් පෙට්‍රල් සහ ඩීසල් සඳහා පැය ගණන් සහ සමහර විට දින ගණන් කිලෝමීටර් ගණනාවක් පෝලිම්වල රැඳී සිටිති. ඒ, කිසිදු විසඳුමක් නොපෙනී ජනතාව මුහුණ දී සිටින උග්‍ර ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයට අමතරව ය. බොහෝ මිනිසුන්ට ඔවුන්ගේ නිත්‍ය ආදායම අහිමි වන අතර තම පවුල පෝෂණය කිරීමට මාර්ගයක් නොමැත. පෝලිම්වල සිටියදී සහ ඖෂධ නොමැතිකම හේතුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු මිය ගිය අවස්ථා ද වාර්තා වී තිබේ. රටේ පවතින දරුණු තත්ත්වය ජනතාව බලාපොරොත්තු සුන්වීමකට ඇද දමා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කලකිරීමක් හා කෝපයක් ඇති වී තිබේ.

පසුගිය දින කිහිපය තුළ විශේෂයෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව මහජනතාව නොසන්සුන්තාවක් ඇති වූ බව වාර්තා විය.

පසුගියදා කුරුණෑගල මාස්පොත පෙට්‍රල් ෂෙඩ් එකකදී පිස්තෝලයක් අතැති පොලිස් නිලධාරියකු මහජනතාවකට පහර දෙන අයුරු දැක්වෙන ඡායාරූප සහ අතුරුගිරියේ ඉන්ධන පිරවුම්හලකදී ඇති වූ වචන හුවමාරුව සහ ප්‍රචණ්ඩකාරී දර්ශන රට පුරා ඇති වූ අස්ථාවර තත්ත්වයට උදාහරණ පමණි.

පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ට දැනට ක්‍රියාත්මක වීමට බල කෙරෙන දුෂ්කර පරිසරය අපි පිළිගනිමු, මන්ද ඔවුන් සහ ඔවුන්ගේ පවුල් ද සෙසු මහජනතාවට සමාන පීඩනයකට මුහුණ දෙන බවට සැකයක් නැත. එසේ වුවද නීතිය ක්‍රියාත්මක කරන්නන් මහජනතාව සමඟ කටයුතු කිරීමේදී සංයමයෙන් හා ප්‍රවේශමෙන් ක්‍රියා කිරීම අතිශයින්ම වැදගත්ය. පොලිස් නිලධාරීන් තම රාජකාරිය ඉටු කිරීමේදී අවබෝධයෙන් සහ සංවේදීව ක්‍රියා කිරීම සහ මහජනතාවගේ අපමණ පීඩාවන් පිළිගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සෑම අවස්ථාවකදීම සාධාරණව හා අපක්ෂපාතීව ක්‍රියා කළ යුතුය. පක්ෂග්‍රාහී සහ අසාධාරණ ලෙස දකින ඕනෑම ක්‍රියාවක් දැනටමත් පවතින අවිශ්වාසය තවත් වැඩි කරයි.

මහජනතාවගේ බර ලිහිල් කිරීමට සහ මහජනතාවගේ අවශ්‍යතා සාධාරණ ලෙස ඉටු කිරීම සහතික කිරීමට කඩිනම් සහ ප්‍රායෝගික පියවර ගන්නා ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු. තත්ත්වයෙහි බරපතලකම මහජනතාවට හෙළිදරව් කිරීමට අමතරව, දේශපාලන, ආර්ථික හා සමාජීය අර්බුදවලින් රට මුදවා ගැනීමේ සැලසුම් පිළිබඳව රජය විසින් නිරන්තරව මහජනතාව දැනුවත් කිරීම අතිශයින් වැදගත් වේ. එමෙන්ම මෙම ගැටළු සම්බන්ධයෙන් එහි වැඩ කටයුතුවල අඛණ්ඩ ප්‍රගතිය සහ ඉන්ධන සහ ගෑස් හිඟය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය පියවීමට එහි සැලසුම් සහ එවැනි සැලසුම්වල ප්‍රගතිය පිළිබඳව.

මෙම අර්බුදවලට විසඳුම් සෙවීමේදී ජනතාවට සහතික කිරීම සහ මහජන විශ්වාසය ඇති කිරීම වැදගත් පියවරක් බව BASL නැවත නැවතත් අවධාරණය කරයි. රජය සහ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මහජන අවිශ්වාසය රටට දරුණු ප්‍රතිවිපාක ගෙන දෙන අතර ආපසු හැරවිය නොහැකි හානියකට තුඩු දෙනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44