අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව යතුරුපැදිවලට ඉන්ධන

යතුරුපැදිවලට අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව දින වෙන් කර ඉන්ධන නිකුත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති සාකච්ඡාවකදීයි මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.

මෙම සාකච්ඡාවේ දී ත්‍රිරෝද රථවලට දෛනිකව ඉන්ධන ලීටර් 08ක් ලබාදීමට ද යෝජනා වී තිබෙනවා.

මේ අතර ප්‍රමුඛතාව අනුව කූපන් ක්‍රමයට ඉන්ධන ලබාදීමට එහිදී එකඟතාවක් ඇති කර ගත් බවයි සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිකයින්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සම්පත් රණසිංහ පැවසුවේ.

ඒ, අනුව ඉදිරි සති එකහමාරක පමණ කාලය තුළ එම ක්‍රමවේදය අනුගමනය කිරීමට කටයුතු කර ඉන්ධනහල් සහ ඩිපෝ මඟින් එම ඉන්ධන ලබාදීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම සාකච්ජාව සඳහා වෘත්තීය ප්‍රවාහන සංගම් 18ක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
10වන අභිමානවත් විධායක ජනාධිපති දිලිත් ජයවීර මැතිතුමා..අපේකම හඳුනන අපේම මිනිහෙක්
02:14
Video thumbnail
ජනපති අනුර ජනතාව ඉස්සරහ ගැම්මට විපක්ෂයට කිව්ව දේ..මේ ආණ්ඩුව රකින්නේ රටේ ජනතාව
11:55
Video thumbnail
දසත පුරා - මැයි දින රැළි පිළිබඳ නවතම තතු / සජීවී තොරතුරු විකාශය
01:06:15
Video thumbnail
සෙනඟ මැදින් ආ දිලිත්ට වුණු අකරතැබ්බිය
04:17
Video thumbnail
UNP පිරිත් දේශනය සිරිකොත මන්දිරයේදී පැවැත්වුණු හැටි..තලතා, අකිල විරාජ් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
04:22
Video thumbnail
ආණ්ඩුව පළවාහරින පළමු වෙඩිමුරය අද පටන්ගන්නවා
04:43
Video thumbnail
දුෂ්ශීල නායකයෝ අද සිල් ගන්නවා - පාතාලයේ උන්ට ආයේ මේ රටේ බලය යන්න දෙන්න බෑ
10:04
Video thumbnail
සමන්ත නුවරඑළිය වේදිකාව දෙවනත් කරයි
05:10
Video thumbnail
තව අවුරුදු 15කට තියෙන්නේ අපේ ආණ්ඩුව
02:06
Video thumbnail
මේක ලෝකේ වාර්තාවක් තියෙන දවසක් - මහවැලි පරදනා මහ ජන ගඟක් බොලව්
03:43