spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව යතුරුපැදිවලට ඉන්ධන

යතුරුපැදිවලට අංක තහඩුවේ අවසන් ඉලක්කම අනුව දින වෙන් කර ඉන්ධන නිකුත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති සාකච්ඡාවකදීයි මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ.

මෙම සාකච්ඡාවේ දී ත්‍රිරෝද රථවලට දෛනිකව ඉන්ධන ලීටර් 08ක් ලබාදීමට ද යෝජනා වී තිබෙනවා.

මේ අතර ප්‍රමුඛතාව අනුව කූපන් ක්‍රමයට ඉන්ධන ලබාදීමට එහිදී එකඟතාවක් ඇති කර ගත් බවයි සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන වෘත්තිකයින්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු සම්පත් රණසිංහ පැවසුවේ.

ඒ, අනුව ඉදිරි සති එකහමාරක පමණ කාලය තුළ එම ක්‍රමවේදය අනුගමනය කිරීමට කටයුතු කර ඉන්ධනහල් සහ ඩිපෝ මඟින් එම ඉන්ධන ලබාදීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම සාකච්ජාව සඳහා වෘත්තීය ප්‍රවාහන සංගම් 18ක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?