කතක් පැහැරගෙන කප්පම් ගැනීමට ගත් තැතක් වරදියි

කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් සිරකර තබාගෙන සිටි කාන්තාවක් මුදාගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

ඊයේ (13) උදෑසන වවුනියාව, වාරියකුට්ටූර් ප්‍රදේශයේදී අදාල කාන්තාව පැහැර ගැනීමට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පැහැරගැනීමට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අදාල කාන්තාව පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලමින් නිවසක සිරකරගෙන සිට ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

කාන්තාව පැහැරගත් පුද්ගලයින් විසින් එම කාන්තාවගේ දියණියට දුරකථන ඇමතුමක් ලබා දෙමින් පවසා ඇත්තේ සිය මව මුදාහැරීමට නම් රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාදෙන ලෙසයි.

එසේ කප්පම් මුදල් ලබා නොදුනහොත් සිය මව ඝාතනය අරණ බවද සැකකරුවන් විසින් තර්ජනය කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ දියණිය පුවරසන්කුලම් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව කප්පම්කරුවන්ට මුදල් ලබාදෙන මුවාවෙන් පොලිසිය විසින් වැටලීම සිදුකර සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

පැහැර ගැනීමට ලක්වූ කාන්තාව ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය වැඩි දුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26ත් 49ත් අතර වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අද (14) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29