spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කතක් පැහැරගෙන කප්පම් ගැනීමට ගත් තැතක් වරදියි

කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් සිරකර තබාගෙන සිටි කාන්තාවක් මුදාගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

ඊයේ (13) උදෑසන වවුනියාව, වාරියකුට්ටූර් ප්‍රදේශයේදී අදාල කාන්තාව පැහැර ගැනීමට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පැහැරගැනීමට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අදාල කාන්තාව පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලමින් නිවසක සිරකරගෙන සිට ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

කාන්තාව පැහැරගත් පුද්ගලයින් විසින් එම කාන්තාවගේ දියණියට දුරකථන ඇමතුමක් ලබා දෙමින් පවසා ඇත්තේ සිය මව මුදාහැරීමට නම් රුපියල් ලක්ෂ 05ක මුදලක් ලබාදෙන ලෙසයි.

එසේ කප්පම් මුදල් ලබා නොදුනහොත් සිය මව ඝාතනය අරණ බවද සැකකරුවන් විසින් තර්ජනය කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ දියණිය පුවරසන්කුලම් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

අනතුරුව කප්පම්කරුවන්ට මුදල් ලබාදෙන මුවාවෙන් පොලිසිය විසින් වැටලීම සිදුකර සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

පැහැර ගැනීමට ලක්වූ කාන්තාව ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය වැඩි දුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26ත් 49ත් අතර වයස්වල පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් අද (14) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?