සැඟවූ සහල් ටොන් 06ක් කඹුරුපිටියේ වෙළඳසැලකින් හමුවෙයි (ඡායාරූප)

පවතින පාලන මිලට වඩා වැඩියෙන් අලෙවි කිරීම සඳහා සඟවා තිබූ සහල් කිලෝග්‍රෑම් 6000කට ආසන්න ප්‍රමාණයක් කඹුරුපිටිය ප්‍රදේශයේ වෙළඳසැලකින් සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

ලද තොරතුරක් මත එම අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් උපාය දුතයින් යොදවා මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අනතුරුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් මෙම වෙළෙඳසැල දැඩි පරික්ෂාවට ලක්කොට ඇති අතර එහිදී කිලෝග්‍රෑම් 10 හා කිලෝග්‍රෑම් 50 ලෙස ඉටි උරවල අසුරා සඟවා තිබියදී මෙම සහල් තොගය සොයාගෙන ගැනීමට හැකිව තිබෙනවා.

මෙහිදී සොයාගත් කිසිඳු සහල් ඇසුරුමක මිලක් සදහන් නොවන බවයි අප වැලිගම වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් වෙළඳසැලේ කාන්තාව පවසා ඇත්තේ මෙම සහල් තොගය අලෙවි කිරිමට තමන් මිලදි ගත් බවත්, තමන් මිලදි ගත් මිල හා සැසදිමේ දී පාලන මිල වූ රුපියල් 210ක මිලකට අලෙවි කිරිමට හැකියාවක් නොමැති නිසා නැවතත් මිලදි ගත් ස්ථානයට රැගෙන යාමට මේ ආකාරයට ගබඩා කර තිබු බවයි.

එම අවස්ථවේ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් අදාල කාන්තාවට දන්වා ඇත්තේ අදාළ කරුණු සනාථ කිරීමට හැකි සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි.

කෙසේ වෙතත් අදාල කාන්තාවට එම සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබෙනවා.

WhatsApp Image 2022 06 13 at 5.47.37 AM
WhatsApp Image 2022 06 13 at 5.47.38 AM 1
WhatsApp Image 2022 06 13 at 5.47.38 AM
WhatsApp Image 2022 06 13 at 5.47.39 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18