spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සැඟවූ සහල් ටොන් 06ක් කඹුරුපිටියේ වෙළඳසැලකින් හමුවෙයි (ඡායාරූප)

පවතින පාලන මිලට වඩා වැඩියෙන් අලෙවි කිරීම සඳහා සඟවා තිබූ සහල් කිලෝග්‍රෑම් 6000කට ආසන්න ප්‍රමාණයක් කඹුරුපිටිය ප්‍රදේශයේ වෙළඳසැලකින් සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

ලද තොරතුරක් මත එම අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් උපාය දුතයින් යොදවා මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අනතුරුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් මෙම වෙළෙඳසැල දැඩි පරික්ෂාවට ලක්කොට ඇති අතර එහිදී කිලෝග්‍රෑම් 10 හා කිලෝග්‍රෑම් 50 ලෙස ඉටි උරවල අසුරා සඟවා තිබියදී මෙම සහල් තොගය සොයාගෙන ගැනීමට හැකිව තිබෙනවා.

මෙහිදී සොයාගත් කිසිඳු සහල් ඇසුරුමක මිලක් සදහන් නොවන බවයි අප වැලිගම වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් වෙළඳසැලේ කාන්තාව පවසා ඇත්තේ මෙම සහල් තොගය අලෙවි කිරිමට තමන් මිලදි ගත් බවත්, තමන් මිලදි ගත් මිල හා සැසදිමේ දී පාලන මිල වූ රුපියල් 210ක මිලකට අලෙවි කිරිමට හැකියාවක් නොමැති නිසා නැවතත් මිලදි ගත් ස්ථානයට රැගෙන යාමට මේ ආකාරයට ගබඩා කර තිබු බවයි.

එම අවස්ථවේ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් අදාල කාන්තාවට දන්වා ඇත්තේ අදාළ කරුණු සනාථ කිරීමට හැකි සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි.

කෙසේ වෙතත් අදාල කාන්තාවට එම සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී තිබෙනවා.

WhatsApp Image 2022 06 13 at 5.47.37 AM
WhatsApp Image 2022 06 13 at 5.47.38 AM 1
WhatsApp Image 2022 06 13 at 5.47.38 AM
WhatsApp Image 2022 06 13 at 5.47.39 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?