AFC Banner
Empty Ad
Empty Ad

“පිතිකරුවන්ට ස්ථාවරවෙන්න යම් කාලයක් ලබාදීලා තියෙන්නේ” – නවීඩ් නවාස්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ හෙට (11) පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරගයේදීත් ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ කිසිඳු වෙනසක් සිදුනොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පිතිකරුවන්ට හිමිව ඇති පිතිකරණ ස්ථානයේ ස්ථාවරවීමට යම් කාලයක් ලබා දී ඇති බවයි.

දෙරට අතර පැවැති පළමු සහ දෙවැනි විස්සයි විස්ස තරගවලදී ඇතැම් ශ්‍රී ලංකා පිතිකරුවන් අසාර්ථක වුණා.

ඒ හේතුවෙන් පළමු සහ දෙවන තරගවලිදී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ පිළිවෙලින් ලකුණු 128ක් සහ 124ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?