මේක අපායේ ඉන්ටවල් එකක්…පාඨලී කියයි…

ආර්ථිකමය වශයෙන් තමා ඉදිරිපත් කරන වැඩපිළිවෙලට පවත්නා රජය කැමැත්තක් දක්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් රජය සමග එක්ව ඉදිරි වැඩකටයුතු කිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මාධ්‍යයට පවසා සිටිනවා.

ඊයේ දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකොට සහ විපක්ෂ නායකවරයාට ලිපියකින් ද දැනුම් දීමෙන් අනතුරුව ස්වාධීන වීමෙන් පසුව අද (09) උදෑසන පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ පැවසීය.

“ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ගයට අපි ගල් පෙරළන්න බලාපොරොත්තුවක් නෑ අගමැතිතුමාට. හැබැයි අගමැතිතුමා සාධාරණ කාලයක් තුළ මේවා ඉෂ්ඨ කළ යුතුයි. විශේෂයෙන්ම 21 සංශෝධනය වැනි දෑ එළැඹෙන ජූලි මාසය තුළ ඉෂ්ඨ කරගත යුතුමයි. ඒ වගේම අපි මතක තබා ගත යුතුයි දැනට රටේ අරගලය නතර වෙලා නෑ. අරගලයේ විරාමයක්. මේක අපායේ ඉන්ටවල්. ආපහු මේ අරගලය මීට වඩා භයානක ආකාරයට ගෙන එන්න පුළුවන්. සමහර පිරිස් ඒක සංවිධානාත්මකව කරන්න පුළුවන්. ඒ නිසා අපි එයට සුදානම් විය යුතුයි. පළමුවෙන් අපි ආණ්ඩුවේ සමහර දේවල්වලට එකඟ නොවුණත් බාධා කරන්න යන්නේ නෑ. ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතුයි මේක කරන්න. සාධනීය දේවල්වලට අපි සහයෝගය දෙනවා.”

“ආණ්ඩුවේ විධායක ක්‍රියාදාමයන්වලට පූර්ණ වශයෙන් සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් නොවන ආණ්ඩුවක සේවා කරන්න අපි ලෑස්ති නෑ. හැබැයි පාර්ලිමේන්තුව තුළ අග්‍රාමාත්‍ය තුමා ප්‍රකාශ කළා කමිටු ගණනාවක් පිහිටුවන්න යනවා කියලා. බැංකු ක්ෂේත්‍රය තුළ ඒ වගේම ආදායම් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් වැනි අතුරු කමිටු පිහිටුවන්න යනවා කියලා ඒ වගේම අධීක්ෂණ කාරක සභා බලාත්මක කරන්න යනවා කියලා. එවැනි දෑට අපි සහභාගි වෙනවා. දෙක අපි 43 වැනි සේනාංකය මඟින් රට ට විකල්ප වැඩපිළිවෙලක් හදන්න. ඉදිරි කාලයේ දී විවිධ ක්ෂේත්‍රවල කළ යුතු දේ පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් හදලා ආණ්ඩුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26