Empty Ad
AFC Banner
Empty Ad

මාර්ගය අවහිර කරමින් විරෝධතා දැක් වූ පුද්ගලයෙකුට අධිකරණයෙන් ලැබුණු දඩුවම

2022 අප්‍රේල් මස 19 වන දින මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ නිල්වලා ගඟ මහානාම පාලම මත මාර්ගය හරස් කරමින් ඉන්ධන ඉල්ලා පුද්ගලයන් පිරිසක් විරෝධතා දක්වන ලදී . එම විරෝධතා අතරතුර පොලිසියට අයත් ත්‍රිරෝද රථයට පහරදී අලාභ හානි සිදු කර ඇත .

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 30 ක්වූ මාතර පදිංචි සැකකරුවෙකු 2022.06.06 වන දින මාතර ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඬුවම් නියම කරන ලද අතර , ඔහුට එරෙහිව තිබූ අයුතු ජන රාශියක සාමාජිකයකු වීම යන චෝදනාවට බරපතල වැඩ ඇතිව මාස 06 ක සිර දඬුවමක් හා රුපියල් 1500 / – ක දඩයක්ද , අයුතු අවහිරය යන චෝදනාව සඳහා බරපතල වැඩ ඇතිව වසරක සිර දඬුවමක් හා රුපියල් 1500 / – ක දඩයක්ද , පොලිස් නිලධාරීන්ට සපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව සඳහා වසරක සිර දඬුවමක් හා රුපියල් 1500 / – ක දඩයක්ද රජයේ දේපලවලට පහරදී අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් වසරක සිර දඬුවමක් හා රුපියල් 1500 / – ක දඩයක්ද ත්‍රිරෝද රථයට සිදු වූ අලාභ සඳහා රුපියල් 50,000 / -ක මුදලක් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නමින් තිබෙන පොලිස් ගිණුමට බැර කරන ලෙසටද ගරු අධිකරණය මගින් නියෝග කරන ලදී .

ඒ අනුව සම්පූර්ණ වසර 03 2 ක බරපතල වැඩ සහිතවූ සක්‍රිය සිරදඬුවමක්ද රුපියල් 6000 / -ක දඩ මුදලක්ද ලෙස ගරු අධිකරණය මගින් දඬුවම් නියම කර රුපියල් 50,000 / -ක අලාභ ගෙවීමක්ද සිදුකරන ලෙස නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රටට වෙන්න යන දේ හිතාගන්න බෑ - ඉක්මණට රනිල්ගේ උපදෙස් ගන්න
09:58
Video thumbnail
රනිල්ට එක කෝල් එකෙන් ට්‍රම්ප්ට්ට ගන්න පුළුවන් - රාජිත රහස් සියල්ල එළියට දායි
06:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:03:55
Video thumbnail
රාජිත JVP එක නැත්තට නැති කරයි - විජේවීර කියන්නේ පට්ට ද්‍රෝහියෙක්
07:00
Video thumbnail
රාජිත ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි
09:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
29:37
Video thumbnail
ජනපති අනුර කරපු හොඳම කතාව
31:39
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23

?