මාර්ගය අවහිර කරමින් විරෝධතා දැක් වූ පුද්ගලයෙකුට අධිකරණයෙන් ලැබුණු දඩුවම

2022 අප්‍රේල් මස 19 වන දින මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ නිල්වලා ගඟ මහානාම පාලම මත මාර්ගය හරස් කරමින් ඉන්ධන ඉල්ලා පුද්ගලයන් පිරිසක් විරෝධතා දක්වන ලදී . එම විරෝධතා අතරතුර පොලිසියට අයත් ත්‍රිරෝද රථයට පහරදී අලාභ හානි සිදු කර ඇත .

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වයස අවුරුදු 30 ක්වූ මාතර පදිංචි සැකකරුවෙකු 2022.06.06 වන දින මාතර ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඬුවම් නියම කරන ලද අතර , ඔහුට එරෙහිව තිබූ අයුතු ජන රාශියක සාමාජිකයකු වීම යන චෝදනාවට බරපතල වැඩ ඇතිව මාස 06 ක සිර දඬුවමක් හා රුපියල් 1500 / – ක දඩයක්ද , අයුතු අවහිරය යන චෝදනාව සඳහා බරපතල වැඩ ඇතිව වසරක සිර දඬුවමක් හා රුපියල් 1500 / – ක දඩයක්ද , පොලිස් නිලධාරීන්ට සපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව සඳහා වසරක සිර දඬුවමක් හා රුපියල් 1500 / – ක දඩයක්ද රජයේ දේපලවලට පහරදී අනර්ථය සිදුකිරීම සම්බන්ධයෙන් වසරක සිර දඬුවමක් හා රුපියල් 1500 / – ක දඩයක්ද ත්‍රිරෝද රථයට සිදු වූ අලාභ සඳහා රුපියල් 50,000 / -ක මුදලක් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නමින් තිබෙන පොලිස් ගිණුමට බැර කරන ලෙසටද ගරු අධිකරණය මගින් නියෝග කරන ලදී .

ඒ අනුව සම්පූර්ණ වසර 03 2 ක බරපතල වැඩ සහිතවූ සක්‍රිය සිරදඬුවමක්ද රුපියල් 6000 / -ක දඩ මුදලක්ද ලෙස ගරු අධිකරණය මගින් දඬුවම් නියම කර රුපියල් 50,000 / -ක අලාභ ගෙවීමක්ද සිදුකරන ලෙස නියෝග කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05