සිංහ – කැන්ගරු පළමු විස්සයි විස්ස ගැටුම අද රාත්‍රියේ

වත්මන් ලෝකශූර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අද (07) ආරම්භ වනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී අද ඇරඹෙන පළමු තරගය මෙරට වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

පළමු තරගය සඳහා එක්වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඊයේ (06) නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ ද අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් නම්කර නැහැ.

ආරොන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, මාකස් ස්ටොයිස්, මැතිව් වේඩ්, ඇෂ්ටන් ඒගාර්, මිචෙල් ස්ටාර්ක්, කේන් රිචඩ්සන්, හේසල්වුඩ් අද තරගය සඳහා එක්වන ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.

ක්‍රිකට් විචාරකයින් පවසන්නේ අද තරගය සඳහා පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, කුසල් මෙන්ඩිස්, චරිත අසලංක, දසුන් ශානක (නායක), චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, මහිෂ් තීක්ෂණ සහ නවක ක්‍රීඩක මතීෂ පතිරණ ක්‍රීඩා කරනු ඇති බවයි.

මෙම විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග දෙක කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී යි.

දෙරට අතර අවසන්වරට පසුගිය පෙබරවාරියේ පැවති විස්සයි විස්ස තරගාවලිය තරග හතරට එකක් ලෙස ජයගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා.

අද තරගය සඳහා එක්ව සිටින ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ් සහ ජොෂ් හේසල්වුඩ් වැනි ක්‍රීඩකයින් නිමාවූ IPL තරගාවලියේ දක්ෂතා අතර සිටියා.

එමෙන්ම වනිඳු හසරංග, මහිෂ් තීක්ෂණ සහ භානුක රාජපක්ෂ ද නිමා වූ IPL තරගාවලියේ දී දක්ෂතා අතර සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින්.

ඒ අනුව අද ඇරඹෙන සිංහ – කැන්ගරු විස්සයි විස්ස ගැටුමේ ජය පැරදුම කෙසේ විසඳේවි ද යන්න ලොව පුරා සිටින ක්‍රිකට්ලෝලීන් දෑස් දල්වා බලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?"ඔයා මෙතන පොර වෙන්න එපා"
02:41
Video thumbnail
අටමස්ථානාධිපතිට ඇප ලැබීම ගැන නීතිඥයෙක්ගෙන් අමුතු ප්‍රකාශයක්..ආගමට තියෙන විරෝදය මත පෙනී ඉන්න එපා
05:24
Video thumbnail
සුජීව ගල් අඟුරු කොමිසමට - පැලවත්ත කාඩර් එකෙන්නේ ඔක්කොම මෙහෙයවන්නේ..මේකත් ෂුවර් නෑ
06:15
Video thumbnail
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු
01:27
Video thumbnail
භික්ෂුවගේ ආවාසගෙට ගිහින් කට උත්තර අරන් තියෙන්නේ..නීතිඥ චානක අබේවික්‍රමගෙන් ප්‍රබල ප්‍රකාශයක්
07:29
Video thumbnail
ආණ්ඩුවේ කිසිවෙක් මහ ජනයාගේ මුදල් හොරකම් කරන්නේ නෑ..කෙනෙක් හිටියොත් ආණ්ඩුවේ ඉන්නත් බෑ
01:22
Video thumbnail
තිස්ස විතාරණ ගැන මතක් කරලා සජිත් පාර්ලිමේන්තුවේ සංවේදී වෙයි..උගත් ගුණවත් ජනතා පුත්‍රයෙක්
02:07
Video thumbnail
කථානායක ගැන ආන්දෝලනාත්මක කරුණු රැසක් එළියට ?..තොරතුරු දීලා සුජාතභාවය ඔප්පු කරන්න
07:33
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදාහරියි..අධිකරණය අසළ නොසන්සුන් ?
01:42
Video thumbnail
"හැම දේශපාලකයෙක්ම හොරෙක් නෙවෙයි" අජිත්, දිවන්ගත නන්දන ගුණතිලක ගැන කිව්ව දේ
13:30