දේශබන්දුට පහරදුන් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

පසුගිය මැයි මස 10 වන දා කොම්පඤ්ඤ වීදිය පෙරහැර මාවත දී දේශබන්දු තෙන්නකෝන් මහතාට එල්ල වූ ප්‍රහාරයට අදාලව සැකපිට තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළා.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඤ වීදියේ වයස අවුරුදු 21 ක පරිගණක තාක්ෂණ ශිල්පියෙක්.