අද බස්  දුවනවාද ? බස් ගැමුණු කතා කරයි

අද (06 වැනිදා) බස් රථ ධාවනය කරන්න ඩීසල් නොමැති හේතුවෙන් බස් රථ ඉතා සීමිත ප්‍රමාණයක් ධාවනය වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ පැවසුවා ඒ අනුව ඔහු පවසන්නේ අද දිනයේ දිවයිනේම බස් රථ 6000ක් පමණක් ධාවනය වන බවයි.

පාසල් දරුවන් ගැන සිතා මෙම තිරණය ගත් බවයි ඔහු පැවසුවේ.රට පුරා ඩීසල් නොමැතිකමින් දැන් පෞද්ගලික බස් රථ ධාවනය කිරීමත් අවදානමක තියෙන්නේ. අද ඉඳලා පාසල් ආරම්භ වෙනවා. අපි දරුවන් පාසල් ගෙනියන්න උපරිම උත්සාහයක් ගන්නවා. හැබැයි ඩීසල් තිබුණොත් විතරයි. ඩීසල් ප්‍රශ්නය නිසා ලංකාවේම ඇති පෞද්ගලික බස් රථවලින් දැන් ධාවනය වෙන්නේ පන්දාහකටත් අඩු ප්‍රමාණයක්. ඩීසල් ප්‍රශ්නය ඉක්මනින් විසඳුවේ නැත්නම් පෞද්ගලික බස් රථ එකක්වත් ඉදිරි දින කීපය තුළදී ධාවනය වන්නේ නෑ. ඔහු වැඩි දුරටත් අදහස් දැක්වුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?