කේ.කේ.ගේ අභිරහස් මරණයේ සැකය වෙනත් අතකට

කොල්කටාහි පැවති ප්‍රසංගයකින් අනතුරුව හෝටල් කාමරයක් තුළ අභිරහස් ලෙස මියගිය ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී ක්‍රිෂ්ණ කුමාර් කුන්නත්ගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව ඉන්දීය ආරක්ෂක අංශ කේ.කේ. ගේ මරණය ස්වාභාවික නොවන මරණයක් ලෙස සටහන් කරමින් ඒ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය කළේ හෘදය ආශ්‍රිතව හටගත් අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදු බවත්, ඔහුගේ මුහුණේ තුවාල කිහිපයක් ද දක්නට තිබූ බවයි.

කේ.කේ. අවසන් වරට සහභාගී වූ කොල්කටා නුවර පැවති ප්‍රසංගය සඳහා ප්‍රසංගය පැවති පරිශ්‍රයේ රැඳවිය හැකි ධාරිතාවට වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ප්‍රසංගය අතර තුර අවස්ථා කිහිපයකදී කේ.කේ. මුහුණ පිසදමමින් වේදිකාවේ රැඳී සිටින ආකාරය දක්නට ලැබුණු අතර, එහිදී ඔහු සංවිධායකයින්ට එහි වායු සමීකරණ පද්ධතිය නිසි ආකාරයෙන් ක්‍රියා නොකරන බව ද පවසා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඔහු විඩාබර මුහුණකින් යුතුව ප්‍රසංගය පැවති ස්ථානයෙන් නික්ම ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයට පැමිණ තිබෙනවා.

පසුව කළ සොයා බැලීමක දී ඔහු සිය හෝටල් කාමරය තුළ බිම ඇදවැටී සිටියදී සොයාගත් අතර ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?