කේ.කේ.ගේ අභිරහස් මරණයේ සැකය වෙනත් අතකට

කොල්කටාහි පැවති ප්‍රසංගයකින් අනතුරුව හෝටල් කාමරයක් තුළ අභිරහස් ලෙස මියගිය ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී ක්‍රිෂ්ණ කුමාර් කුන්නත්ගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව ඉන්දීය ආරක්ෂක අංශ කේ.කේ. ගේ මරණය ස්වාභාවික නොවන මරණයක් ලෙස සටහන් කරමින් ඒ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය කළේ හෘදය ආශ්‍රිතව හටගත් අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම මරණය සිදු බවත්, ඔහුගේ මුහුණේ තුවාල කිහිපයක් ද දක්නට තිබූ බවයි.

කේ.කේ. අවසන් වරට සහභාගී වූ කොල්කටා නුවර පැවති ප්‍රසංගය සඳහා ප්‍රසංගය පැවති පරිශ්‍රයේ රැඳවිය හැකි ධාරිතාවට වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ප්‍රසංගය අතර තුර අවස්ථා කිහිපයකදී කේ.කේ. මුහුණ පිසදමමින් වේදිකාවේ රැඳී සිටින ආකාරය දක්නට ලැබුණු අතර, එහිදී ඔහු සංවිධායකයින්ට එහි වායු සමීකරණ පද්ධතිය නිසි ආකාරයෙන් ක්‍රියා නොකරන බව ද පවසා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඔහු විඩාබර මුහුණකින් යුතුව ප්‍රසංගය පැවති ස්ථානයෙන් නික්ම ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයට පැමිණ තිබෙනවා.

පසුව කළ සොයා බැලීමක දී ඔහු සිය හෝටල් කාමරය තුළ බිම ඇදවැටී සිටියදී සොයාගත් අතර ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14