මැති ඇමතිවරු පිරිසකගෙන් ජල සම්පාදන මණ්ඩලයට කෝටි 02ක පොල්ලක්

දේශපාලඥයන් 85 දෙනෙකු සිය නිවාසවලට ලබා ගත් ජලය වෙනුවෙන් ගෙවිය යුතු මුදල් පැහැර හැර ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් මොවුන් විසින් ගෙවීම පහර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජල බිල්පත් ගෙවීම පැහැර හැරි දේශපාලඥයන්ගේ ලැයිස්තුව ජලසම්පාදන මණ්ඩලය විසින් පසුගිය සතියේ රජයට භාරදී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දැනට සිටින මැති ඇමැතිවරුන්, හිටපු මැති ඇමතිවරුන් සහ මියගිය මැති ඇමතිවරුද මෙම ලැයිස්තුවට ඇතුළත් බව සඳහන්.

අදාල ලැයිස්තුවේ නම් සඳහන් පාර්ලිමේන්තුවේ දැනට සිටින මැති ඇමැතිවරුන්ගේ හිඟ ජල බිල්පත්වල එකතුව රුපියල් ලක්ෂ 70 ඉක්මවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?