ගෝල්ෆේස් අරගලයට දින 50යි – කොළඹ දී අද දැවැන්ත විරෝධතාවයක්

ගාලුමුවදොර පැවැත්වෙන සාමකාමී අරගලයට අදට දින 50ක් ගත වනවා.

ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට දන්වමින් පසුගිය අප්‍රේල් මස 09 වනදා තරුණ පිරිස් එක්ව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී මෙම විරෝධතාව ආරම්භ කළා.

එලෙස ආරම්භ කළ මෙම විරෝධතාවට අදට දින 50ක් ගතවන අතර, අරගලකරුවන් මෙම විරෝධතාව ආරම්භයේදීම කටයුතු කළ විරෝධතා භූමිය “ගෝඨා ගෝ ගම” ලෙස නම් කිරීමටයි.

මෙම අරගලය ආරම්භ කළ දිනයේ සිට අද දක්වා සමාජයේ විවිධ පුද්ගලයින් සහ කණ්ඩායමේ එක්ව අරගල භූමියට පැමිණ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විරෝධය පළ කිරීමට එක් වුණා.

පසුගිය 09 වනදා ගාලුමුවදොර පිටියේ සාමකාමී අරගලයට ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී අරගලකරුවන් විශාල පිරිසක් තුවාල ලැබුවා.

මේ අතර ජන අරගලයට දින 50ක් සපිරීම නිමිත්තෙන් අරගලකරුවන් ගාලුමුවදොර කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත විරෝධතාවයක් අද (28) දිනයේ සංවිධානය කර තිබෙනවා.

කෙසේ වෙතත් අද දිනයේදී කොළඹ නගර සීමාවේ ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් උද්ඝෝෂකයින්ට එරෙහිව අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.

මේ අතර අරගලකරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන්ට බාධාවක් නොවන ලෙස විරෝධය දක්වන ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15