පුංචි කාරයෙන් ලොව වටා ගිය මිතුරන් දෙදෙනා අවාසනාවන්ත ලෙස මෙලොව හැර යයි (ඡායාරූප)

ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවදානය දිනාගෙන සිටි මිතුරන් දෙදෙනෙක් ලෝකය වටා යන අතර මඟ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බ්‍රසීලියානු ජාතික ජෙසී කෝස් සහ ඔහුගේ ආදරණීය සුරතලා වන ෂුරාස්ටේ නමැති සුනඛයායි.

මොවුන් දෙදෙනා මෙලෙස අවාසනාවන්ත අයුරින් මෙලොව හැර යාම සම්බන්ධයෙන් මේ වනවිටත් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් මතුව තිබෙනවා.

තමන්ගේ පැරණි මෝටර් රථය භාවිත කරමින් විවිධ රටවල් වල සංචාරය කිරීම විනෝදාංශය කරගත් ජෙසී කෝස් සිය සුරතලා සමඟ 2017වසරේ දී ලෝක සවාරිය ආරම්භ කළා.

එම ලෝක සවාරිය අතර තුර පසුගිය 25 වනදා ඇලස්කාවේ සංචාරය කරමින් සිටිය දී ඔවුන් දෙදෙනා ගමන්ගත් මෝටර් රථය හදිසි රිය අනතුරකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම මිතුරන් දෙදෙනා ඒ වනවිටත් රටවල් 16 කට වැඩි ප්‍රමාණයක සංචාරය කර තිබූ අතර ජෙසීගේ සමාජ මාධ්‍ය තුළින් අනුගාමිකයින් විශාල පිරිසක් මොවුන් වටා එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10