මැලේරියා මර්දන කටයුතු සදහ යොදාගනු ලබන රසායනික ද්‍රව්‍ය කෘෂි බෝග වගාවන්ට යොදාගත් පුද්ගලයින් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව ඊයේ (26) දඹුල්ල පොලිස් වසමේ කලෝගහ ඇළ ප්‍රදේශයේ දී මෙම සැකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.
එහිදී මැලේරියා මර්ධනයට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් වන අයිකොන් 10 WP නැමැති රසායනික ද්‍රව්‍ය කෘෂි බෝග වගාවන්වලට යොදා ගැනීම හා රසායනික ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දඔුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 හා 44 වයසේ පසුවන්නන්.
සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් රසායනික ද්‍රව්‍යවල දළ වටිනාකම රුපියල් 414,000 පමණ වන අතර ඔවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දඹුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.