ඛනිජ තෙල් සංස්ථාව තුළ සේවක සංඛ්‍යාව වැඩියි – බලශක්ති ඇමති

අලෙවියේදී පාඩු ලබන භූමිතෙල් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් අලෙවි නොකරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

සිය නිල ට්විටර් ගිණුමට සටහනක් තබමින් ඔහු පවසන්නේ ඔවුන් අනෙකුත් ඉන්ධන වර්ග අලෙවි කරන බවයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් ලංකා විදුලි බල මණ්ඩලය, ගමනා ගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන වෙත ඉන්ධන සපයන බව සඳහන් කරන අමාත්‍යවරයා ඇතැම් ආයතනවලින් තෙල් සංස්ථාව වෙත මුදල් අයවිය යුතු බව ද එහි දන්වා තිබෙනවා.

තවද ඛනිජ තෙල් සංස්ථාව තුළ කාර්ය මණ්ඩල සංඛ්‍යාව ද විශාල බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

මේ අතර ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම කැබිනට් අනුමැතිය ලැබීම හේතුවෙන් සිදු වූවක් බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

ඉන්ධන මිල සූත්‍රය යළි ක්‍රියාත්මක කිරීමට අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ඊයේ (23) දින හිමිවීමත් සමඟ ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43