21 වන සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට

21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

21 වන ආාණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත සකස් කිරීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, නීතිපති, නීති කෙටුම්පත් සම්පාදක සහ තවත් නීතීඥවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.

21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ 19 වන ව්‍යවස්ථා සංශෝධනයටත් එහා ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ අඩංගු කොට ඇති බව සඳහන්.

මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තවත් ස්වාධීන කොමිෂන් සභා දෙකක් හදුන්වා දී ඇති අතර එම කොමිෂන් සභා වන්නේ විගණන සේවා කොමිසම සහ ප‍්‍රසම්පාදන කොමිසමයි.

එමෙන්ම, මහබැංකු අධිපතිවරයා පත් කිරීමේ බලය 21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව වෙත පවරා තිබෙනවා.

විගණන කොමිසම සහ ප‍්‍රසම්පාදන කොමිසම මඟින් රාජ්‍ය අංශයේ සිදුවන අල්ලස් ගැනීම සහ දූෂණ වංචා වැළැක්වීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සම්පාදනය වනු ඇති බව සඳහන්.

21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අනෙක් වැදගත්ම අංගය වන්නේ, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු නියෝජනය තහනම් කිරීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?