21 වන සංශෝධනය හෙට කැබිනට් මණ්ඩලයට

21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

21 වන ආාණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත සකස් කිරීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, නීතිපති, නීති කෙටුම්පත් සම්පාදක සහ තවත් නීතීඥවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.

21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ 19 වන ව්‍යවස්ථා සංශෝධනයටත් එහා ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලක්ෂණ අඩංගු කොට ඇති බව සඳහන්.

මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තවත් ස්වාධීන කොමිෂන් සභා දෙකක් හදුන්වා දී ඇති අතර එම කොමිෂන් සභා වන්නේ විගණන සේවා කොමිසම සහ ප‍්‍රසම්පාදන කොමිසමයි.

එමෙන්ම, මහබැංකු අධිපතිවරයා පත් කිරීමේ බලය 21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පාර්ලිමේන්තු ව්‍යවස්ථා සභාව වෙත පවරා තිබෙනවා.

විගණන කොමිසම සහ ප‍්‍රසම්පාදන කොමිසම මඟින් රාජ්‍ය අංශයේ සිදුවන අල්ලස් ගැනීම සහ දූෂණ වංචා වැළැක්වීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සම්පාදනය වනු ඇති බව සඳහන්.

21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අනෙක් වැදගත්ම අංගය වන්නේ, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු නියෝජනය තහනම් කිරීමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51
Video thumbnail
"අපි හැමෝම අතින් සුළු සුළු වැරදි වෙනවා" ඥානසාර හිමිට නිදහස පතා අත්සන් දස ලක්ෂයේ වැඩසටහන කළුතරදී
01:43
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ හිමිවරුන් - සමහර රජයන්ට ස්වාමීන්වහන්සේලා හරිම අප්‍රියයි
06:19