ඉන්දියාවේ තෙල් මිල බස්සයි – ගෑස්වලටත් සහනාධාරයක්

ඉන්දියාව තුළ පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 7.00කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 9 යි ශත 50කින් අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ.

රජය මඟින් අය කරන බදු අනුපාතය පහත හෙළීම හේතුවෙන් මෙලෙස ඉන්ධන මිල ගණන් අඩු කිරීමට කටයුතු කළ බවයි එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කළේ.

මෙම මිල අඩු කිරීමත් සමඟ දිල්ලියේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 96.72 දක්වා අඩු වී ඇති අතර, ඩීසල් ලීටරයක මිල මේ වන විට දැක්වෙන්නේ රුපියල් 89.62ක් ලෙසයි.

නව මිල සංශෝධනයෙන් පසු මුම්බායි හි පෙට්‍රල් ලීටරයක් රුපියල් 111.35 කට අලෙවිවන අතර ඩීසල් ලීටරයක් රුපියල් 97.28 කට අලෙවි වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කොල්කටාහි නවතම පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් 106.03 ක් වන අතර ඩීසල් ලීටරයක මිල වන්නේ රුපියල් 92.76ල ලෙසයි.

මෙම මිල අඩු කිරීමත් සමඟ චෙන්නායිහි අද දිනයේ දී පෙට්‍රල් ලීටරයක් රුපියල් 102.63 කටත් ඩීසල් ලීටරයක් රුපියල් 94.24 කටත් අලෙවි වන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 200ක සහනාධාරයක් ලබාදීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?