ඉන්දියාවේ තෙල් මිල බස්සයි – ගෑස්වලටත් සහනාධාරයක්

ඉන්දියාව තුළ පෙට්‍රල් සහ ඩීසල් මිල අඩු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 7.00කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 9 යි ශත 50කින් අඩු කිරීමටයි තීරණය කර ඇත්තේ.

රජය මඟින් අය කරන බදු අනුපාතය පහත හෙළීම හේතුවෙන් මෙලෙස ඉන්ධන මිල ගණන් අඩු කිරීමට කටයුතු කළ බවයි එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කළේ.

මෙම මිල අඩු කිරීමත් සමඟ දිල්ලියේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 96.72 දක්වා අඩු වී ඇති අතර, ඩීසල් ලීටරයක මිල මේ වන විට දැක්වෙන්නේ රුපියල් 89.62ක් ලෙසයි.

නව මිල සංශෝධනයෙන් පසු මුම්බායි හි පෙට්‍රල් ලීටරයක් රුපියල් 111.35 කට අලෙවිවන අතර ඩීසල් ලීටරයක් රුපියල් 97.28 කට අලෙවි වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

කොල්කටාහි නවතම පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් 106.03 ක් වන අතර ඩීසල් ලීටරයක මිල වන්නේ රුපියල් 92.76ල ලෙසයි.

මෙම මිල අඩු කිරීමත් සමඟ චෙන්නායිහි අද දිනයේ දී පෙට්‍රල් ලීටරයක් රුපියල් 102.63 කටත් ඩීසල් ලීටරයක් රුපියල් 94.24 කටත් අලෙවි වන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 200ක සහනාධාරයක් ලබාදීමට ද ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01