වසර 6 ක් ගතවුවද මුණුපුරෙකු ලබා නොදීම නිසා තම එකම පුතුට එරෙහිව පියා සහ මව නඩු පරවයි

මුණුබුරෙකු ලබා නොදීම සම්බන්ධයෙන් සිය එකම පුතුට සහ ඔහුගේ බිරිඳට නඩු පැවරූ මවක් සහ පියෙකු ගැන ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

විවාහ වී වසර 6ක් ගත වී ඇතත් ඔවුන්ට තවමත් දරුවන් ලැබී නොමැති බවයි වාර්තා කරන්නේ.

සිය පුතු ඇතිදැඩි කිරීමට, ගුවන් නියමුවෙකු ලෙස පුහුණු කිරීමට සහ උත්කර්ෂවත් විවාහ මංගල්‍ය උත්සවයක් ගැනීම සඳහා මුදල් වැය කළ බවට උතුරු ඉන්දියාවේ උත්තර්ඛන්ද් ප්‍රාන්තයේ පදිංචි අදාළ මව සහ පියා පවසනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ වසරක් ඇතුළත මුණුබුරෙකු හෝ මිණිබිරියක ලබා නොදෙන්නේ නම් අමෙරිකානු ඩොලර් 650,000 කට ආසන්න වන්දි මුදලක් ලබා දෙන ලෙස ය.

මේ සම්බන්ධයෙන් එම තරුණ අඹුසැමි යුවළ අදහස් දක්වා නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තම පුතා වෙනුවෙන් ඔහුගේ සියලු ඉතුරුම් වියදම් කළ බව ත් අමෙරිකානු ඩොලර් 65,000ක වියදමින් ගුවන් නියමු පුහුණුව සඳහා 2006 වසරේදී ඔහු එක්සත් ජනපදයට යවා ඇති බවත් එම තරුණයාගේ පියා සඳහන් කරනවා.

ඔහු 2007 වසරේදී නැවත ඉන්දියාවට ගොස් ඇති අතර ඔහුගේ රැකියාව අහිමි වීම හේතුවෙන් ඔහුගේ පවුලේ අයට වසර දෙකකට වැඩි කාලයක් ඔහුට මූල්‍යමය වශයෙන් ආධාර කිරීමට සිදු වී තිබේ.

අනතුරව එම තරුණ පුතුට ගුවන් නියමු රැකියාවක් ලැබී ඇති අතර 2016 වසරේදී ඔහු අමෙරිකානු ඩොලර් 80,000ක මුදලක් වැය කරමින් විවාහ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

“මගේ පුතා විවාහ වී වසර හයක් ගත වී ඇතත් ඔවුන් තවමත් දරුවෙක් ගැන හිතලා නැහැ. අඩු ම තරමින් අපට කාලය ගත කිරීමට මුණුබුරෙක් ඉන්නවා නම්, අපගේ වේදනාව දරා ගන්න පුළුවන්,” යනුවෙන් එම තරුණයාගේ පියා ප්‍රකාශ කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52
Video thumbnail
මෙට්‍රෝ බස් එක ප්‍රවාහනයේ අනාගතය ගැන පින්තූරයක් දෙනවා - මේවා විශ්ව කර්ම නෙමෙයි
09:25
Video thumbnail
නාමල්ගේ ජනතා ප්‍රසාදය බලාගන්න පුළුවන්, ඡන්දේ තියන්න
05:53
Video thumbnail
ගැරඬියෙක් ගියාද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි
03:22
Video thumbnail
ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම ගැන අනුරාධා කට අරියි - රැඳවුම් බාරයේ තබාගැනීම ගැන UNHRC එක විවේචනය කරනවා
08:59
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59