ලක්නව් සුපර් ජයන්ට්ස් IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනී

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර නියෝජනය කරන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ඊයේ හැකියාව ලැබුණා.

ඒ, ඊයේ (08) රාත්‍රියේ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමඟ පැවති තරග ලකුණු 75ක දැවැන්ත ජයක් වාර්තා කිරීමත් සමඟයි.

මෙම ජයත් සමඟ ලක්නව් කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා ද සුදුසුකම් ලැබීම ද විශේෂත්වයක්.

ඊයේ තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ලක්නව් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී ආරම්භක පිතිකරු කුවින්ටන් ඩී කොක් අර්ධ ශතකයක් රැස්කළ අතර දීපක් හූඩා ලකුණු 41ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කොල්කටා පිළේ ඇන්ඩ්‍රි රසල් කඩුලු 02ක් බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ඇරඹු කොල්කටා පිතිකරුවන්ගෙන් මුල්පෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට ලක්නව් පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

කොල්කටා ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් පස්දෙනෙක්ම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ලක්නව් පන්දු යවන්නන් සමත් වූ අතර සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට තනිව සටනක් දියත් කළ ඇන්ඩ්‍රි රසල් දැවැන්ත හයේ පහර 05ක් සමඟ පන්දු 19කදී ලකුණු 25ක් රැස් කළා.

කෙසේ වෙතත් ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන යාමට ලක්නව් වේග පන්දු යවන ක්‍රීඩක අවිශ්ඛාන් ඉඩ ලබා දුන්නේ නැහැ.

අවසානයේ කොල්කටා ඉනිම දැක්වුණේ පන්දුවාර 14යි පන්දු 03ක් තුළ සියල්ලන් දැවී ලකුණු 101ක් ලෙසටයි.

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර පන්දුවාර 03ක් යවා අවසන් කළේ ලකුණු 14කට එක් කඩුල්ලක් බිඳ දමමින්.

අවිශ්ඛාන් සහ ජේසන් හෝල්ඩර් අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියා.

ඒ අනුව මෙම තරගය ලකුණු 75කින් ජය ගන්නට ලක්නව් සුපර් ජයන්ට්ස් ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49