“ව්‍යායාම උපදේශිකාවකගේ” වීඩියෝවේ සටහන් වූ මියන්මාර හමුදා කුමන්ත්‍රණය (VIDEO)

මියන්මාරයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට ව්‍යායාම කිරීම රූගත කරමින් සිටි නර්තන ශිල්පිනියකගේ වීඩියෝ පටයේ පසුබිම තුළ මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයේ පළමු මොහොත නොදැනුවත්ව ම රූගත වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන්, අදාළ නර්තන ශිල්පිනිය ලොව පුරා කතා බහට ලක්වන මාතෘකාවක් බවට ද පත්වී තිබේ.

එම ගුරුවරිය ව්‍යායාම සඳහා යොදා ගත් ගීතය, අහංකාර හමුදා සහ පොලිසිය හාස්‍යයට ලක් කරන ආකාරයේ එකක් වීම දෛවෝපගත සිද්ධියකි.

කිං හින් වයි නමැති කාන්තාවක මෙම ව්‍යායාම රූගත කිරීම සිදු කර ඇති අතර එහි පසුබිම, කළු පැහැති හමුදා රථ ආරක්ෂක මුරපොළක් වෙත යන ආකාරය දර්ශනය වේ.

කෙසේ වෙතත්, එම දර්ශන අනුව තමන් පසුපස සිදු වන සිද්ධිය පිළිබඳව එම කාන්තාව කිසිවක් දන්නා බව නොහැඟේ.

එම කාන්තාව ශාරීරික අධ්‍යාපනය උගන්වන ගුරුවරියක වන අතර මාස 11ක පමණ කාලයක සිට මෙම ස්ථානයේ ව්‍යායාම්වල නිරතව ඒවා රූගත කර ඇති බව ඇය සඳහන් කරයි.

ඊයේ (1) මියන්මාරයේ පාලනය අත්පත් කර ගැනීමට එරට හමුදා කටයුතු කළේ ය. එහි මුල් ම පියවර ලෙස එරට අගනුවර පිහිටි පාර්ලිමේන්තුව ඔවුන් සතු කර ගන්නා ලදී.

ආවුන් සාං සූ කී ඇතුළු එරට දේශපාලන නායකයින් කිහිප දෙනෙකු ද එහිදී හමුදා භාරයට ගනු ලැබූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09