spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“ව්‍යායාම උපදේශිකාවකගේ” වීඩියෝවේ සටහන් වූ මියන්මාර හමුදා කුමන්ත්‍රණය (VIDEO)

මියන්මාරයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට ව්‍යායාම කිරීම රූගත කරමින් සිටි නර්තන ශිල්පිනියකගේ වීඩියෝ පටයේ පසුබිම තුළ මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයේ පළමු මොහොත නොදැනුවත්ව ම රූගත වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන්, අදාළ නර්තන ශිල්පිනිය ලොව පුරා කතා බහට ලක්වන මාතෘකාවක් බවට ද පත්වී තිබේ.

එම ගුරුවරිය ව්‍යායාම සඳහා යොදා ගත් ගීතය, අහංකාර හමුදා සහ පොලිසිය හාස්‍යයට ලක් කරන ආකාරයේ එකක් වීම දෛවෝපගත සිද්ධියකි.

කිං හින් වයි නමැති කාන්තාවක මෙම ව්‍යායාම රූගත කිරීම සිදු කර ඇති අතර එහි පසුබිම, කළු පැහැති හමුදා රථ ආරක්ෂක මුරපොළක් වෙත යන ආකාරය දර්ශනය වේ.

කෙසේ වෙතත්, එම දර්ශන අනුව තමන් පසුපස සිදු වන සිද්ධිය පිළිබඳව එම කාන්තාව කිසිවක් දන්නා බව නොහැඟේ.

එම කාන්තාව ශාරීරික අධ්‍යාපනය උගන්වන ගුරුවරියක වන අතර මාස 11ක පමණ කාලයක සිට මෙම ස්ථානයේ ව්‍යායාම්වල නිරතව ඒවා රූගත කර ඇති බව ඇය සඳහන් කරයි.

ඊයේ (1) මියන්මාරයේ පාලනය අත්පත් කර ගැනීමට එරට හමුදා කටයුතු කළේ ය. එහි මුල් ම පියවර ලෙස එරට අගනුවර පිහිටි පාර්ලිමේන්තුව ඔවුන් සතු කර ගන්නා ලදී.

ආවුන් සාං සූ කී ඇතුළු එරට දේශපාලන නායකයින් කිහිප දෙනෙකු ද එහිදී හමුදා භාරයට ගනු ලැබූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?