ප්‍රවීන රංගන ශිල්පී විල්සන් කරූ අභාවප්‍රාප්ත වෙයි

සිංහල සිනමාවේ ජනප්‍රිය සටන් නළු විල්සන් කරූ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1942 වසරේ ඔක්තෝම්බර් මස 28 වනදා උපත ලබන විල්සන් කරූ අභාවප්‍රාප්ත වන විට 79 වන වියේ පසු වූ අතර කලක් ඔහු රෝගාතුරව සිටියා.

සටන් නළුවකුගේ චරිතයට පමණක් සීමා නොවී දුෂ්ඨයා ලෙස ද සිය රංගන කුසලතාව පෙන් වූ විල්සන් කරූ, සසර චේතනා, සත්වෙනි දවස, කොටි වලිගය, දෙමෝදර පාලම, දිනුම, එකදා වැහි, රෝදය, පාලිමන්ට් ජෝක්ස් වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක දුෂ්ඨයාගේ චරිතයට පණ පොවනු ලැබුවා.

1974 වසරේ හදවත් නැත්තෝ තුළින් සිනමා ආගමනය ඇරඹු විල්සන් කරූ රංගන දායකත්වය ලබා දුන් චිත්‍රපට සංඛ්‍යාව 80කට ආසන්නයි.

2019 වසරේ දී ඔහු රංගනයෙන් දායක වූ ‘තිත්ත ඇත්ත’ චිත්‍රපටය ඔහු රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය ලෙසයි සැලකෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38