AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවීන රංගන ශිල්පී විල්සන් කරූ අභාවප්‍රාප්ත වෙයි

සිංහල සිනමාවේ ජනප්‍රිය සටන් නළු විල්සන් කරූ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1942 වසරේ ඔක්තෝම්බර් මස 28 වනදා උපත ලබන විල්සන් කරූ අභාවප්‍රාප්ත වන විට 79 වන වියේ පසු වූ අතර කලක් ඔහු රෝගාතුරව සිටියා.

සටන් නළුවකුගේ චරිතයට පමණක් සීමා නොවී දුෂ්ඨයා ලෙස ද සිය රංගන කුසලතාව පෙන් වූ විල්සන් කරූ, සසර චේතනා, සත්වෙනි දවස, කොටි වලිගය, දෙමෝදර පාලම, දිනුම, එකදා වැහි, රෝදය, පාලිමන්ට් ජෝක්ස් වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක දුෂ්ඨයාගේ චරිතයට පණ පොවනු ලැබුවා.

1974 වසරේ හදවත් නැත්තෝ තුළින් සිනමා ආගමනය ඇරඹු විල්සන් කරූ රංගන දායකත්වය ලබා දුන් චිත්‍රපට සංඛ්‍යාව 80කට ආසන්නයි.

2019 වසරේ දී ඔහු රංගනයෙන් දායක වූ ‘තිත්ත ඇත්ත’ චිත්‍රපටය ඔහු රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය ලෙසයි සැලකෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?