ශ්‍රී ලංකාව මෙන්ම දැඩි ආර්ථික අර්බුධයකට මුහුන දී ඇති පකිස්තානයේ දිනක විදුලි කප්පාදුව පැය 16ක් වන බව රට මාධ්‍ය පසුගිය දවසක වාර්තා කර තිබුනා.දැඩි උණුසුම් කාලයක් පසුකරන පකිස්තානය විදුලි අර්බුධය නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇත.පකිස්තානයේ මෙවන් උණුසුමක් වාර්තා වී ඇත්තේ වසර 61කට පසුවයි.
පකිස්තානයේ ප්‍රධාන නගර ආශ්‍රිතව මේ වන විට පැය 6ත් 10ත් අතර විදුලිය කප්පාදුවක් සිදුවන බව සහ පිට පළාත්වල පැය 8ත් පැය 16ත් විදුලිය කප්පාදුවක් සිදුවන බවත් පාකිස්තාන මාධ්‍යය වාර්තාවල සඳහන් වේ.මෙම විදුලි කප්පාදුව නිසාත්, රට මුහුණ දෙන බලශක්ති අර්බුදය නිසාත් පාකිස්තානයේ කුඩා ව්‍යාපාර බොහොමයක් මේ වනවිටත් වැසී ගොස් ඇති බව ද මාධ්‍ය වාර්තා කරයි.
මේ අර්බුදය ආරම්භ වූයේ ධුරයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජය පැවැති අවස්ථාවේදීය.




