තමිල්නාඩුවේ ධීවර ජනතාවගෙන් ලංකාවට ආධාර

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දී තිබෙන ආර්ථික ප්‍රශ්න හමුවේ සහනයක් වශයෙන් අවශ්‍ය ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට තමිල් නාඩු ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, තමිල් නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් පසුගිය සිකුරාදා (අප්‍රේල් 29) තමිල් නාඩු ව්‍යවස්ථාදායක සභාවේදී ශ්‍රී ලාංකික ජනතාව සඳහා ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහා යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බව ය.

ඊට ප්‍රතිචාර වශයෙන් තමන්ගේ බෝට්ටුවලින් එම ද්‍රව්‍ය රැගෙන යාමට කැමති බව රාමේෂ්වරම් හී ධීවර නායකයා වන ජේසු රාජා කැමැත්ත දක්වා තිබේ.

තමිල්නාඩු රජය විසින් ඉන්දීය රුපියල් කෝටි 80ක් වටිනා සහල් මෙට්‍රික් ටොන් 40,000ක්, ඉන්දීය රුපියල් කෝටි 28ක් වටිනා ඖෂධ තොගයක් සහ රුපියල් කෝටි 15ක් වටිනා කුඩා ළමුන් සඳහා වන කිරිපිටි ටොන් 500ක් ශ්‍රී ලංකාවට එවීමට මේ වන විට තීරණය කර තිබෙන බව එරටින් වාර්තාවෙයි.

ඉහත කී අදාළ භාණ්ඩ ශ්‍රී ලංකාවට එවීම කළ හැක්කේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය මධ්‍යම රජයට පමණක් බැවින් එම අවසර ලැබුණු පසු ඒවා බෝට්ටු මගින් එවීම සඳහා සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරට ත් වාර්තා කළේ ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48
Video thumbnail
නාමල්ගේ කතාවෙන් අර්චුනාට හොඳටම හිනා
01:39
Video thumbnail
රනිල්ගේ සංචාරය නිල සංචාරයක් තමයි - රටේ නීතියක් නෑ..නීතිය අවනීතිය කරලා
05:29
Video thumbnail
නාමල් නැගිටිලා දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:57
Video thumbnail
විපක්ෂ නායකයා මීට වඩා සක්‍රීය වෙන්න - රජයට විරුද්ධ සියලු සටන් මෙහෙයවන්න නව මධ්‍යස්ථානයක්
03:40
Video thumbnail
ජනාධිපතිගේ ධුරය අහෝසි වෙන්නත් පුළුවන්
06:50
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58