තමිල්නාඩුවේ ධීවර ජනතාවගෙන් ලංකාවට ආධාර

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දී තිබෙන ආර්ථික ප්‍රශ්න හමුවේ සහනයක් වශයෙන් අවශ්‍ය ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට තමිල් නාඩු ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, තමිල් නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් පසුගිය සිකුරාදා (අප්‍රේල් 29) තමිල් නාඩු ව්‍යවස්ථාදායක සභාවේදී ශ්‍රී ලාංකික ජනතාව සඳහා ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහා යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බව ය.

ඊට ප්‍රතිචාර වශයෙන් තමන්ගේ බෝට්ටුවලින් එම ද්‍රව්‍ය රැගෙන යාමට කැමති බව රාමේෂ්වරම් හී ධීවර නායකයා වන ජේසු රාජා කැමැත්ත දක්වා තිබේ.

තමිල්නාඩු රජය විසින් ඉන්දීය රුපියල් කෝටි 80ක් වටිනා සහල් මෙට්‍රික් ටොන් 40,000ක්, ඉන්දීය රුපියල් කෝටි 28ක් වටිනා ඖෂධ තොගයක් සහ රුපියල් කෝටි 15ක් වටිනා කුඩා ළමුන් සඳහා වන කිරිපිටි ටොන් 500ක් ශ්‍රී ලංකාවට එවීමට මේ වන විට තීරණය කර තිබෙන බව එරටින් වාර්තාවෙයි.

ඉහත කී අදාළ භාණ්ඩ ශ්‍රී ලංකාවට එවීම කළ හැක්කේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය මධ්‍යම රජයට පමණක් බැවින් එම අවසර ලැබුණු පසු ඒවා බෝට්ටු මගින් එවීම සඳහා සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරට ත් වාර්තා කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24


?