ජැකලින්ගේ රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතුව රජයෙන් අත්හිටුවයි…..

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සුරුපිනී බොලිවුඩ් නිළිය, ජැකලීන් ෆර්නැන්ඩස් ඉන්දියාවේ සිදු වු විශාලතම දූෂිත මුදල් ගනුදෙනුවකට සැකකාරිනියක් වී තිබෙනවා.ඒ අනුව ඇය සතු ඉන්දීය රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ඇයට ඉන්දියාවෙන් පිටවීම ද මේ වන විට තහනම් කර තිබෙනවා.

ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ සිද්ධියකට අදාළව ඉන්දියාවේ බරපතළ මූල්‍ය අපරාධකරුවෙකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රශේකර් සමග ජැකලින්ගේ පෙම් පළහිලව්වක් ද තිබුනු බව මේ වනවිට අනාවරණය වී ඇති අතර විමර්ශකයින් සැකපළ කර ඇත්තේ අදාළ මුදල්වලින් කොටසක් ජැකලීන්ගේ නමට තැන්පත් කර ඇති බවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු, ලක්ෂ 9ක් වටිනා පර්සියානු බළලෙකු ඇතුළු මිල අධික ත්‍යාග සහ ඩොලර් ලක්ෂ 1.5ක ණය මුදලක් තමාට චන්ද්‍රශේඛර්ගෙන් ලැබුණු බවට ඇය විමර්ශකයින් හමුවේ පාපොච්චාරණය කර ඇති බවය.

සුකේෂ් මේ වන විට ඉන්දීය පොලිස් භාරයේ පසුවන අතර වංචා කළ මුදල් කෝටි ගණනක් ජැකලීන් සඳහා වියදම් කළ බවද සුකේෂ් විසින් පවසා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?