ජැකලින්ගේ රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතුව රජයෙන් අත්හිටුවයි…..

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සුරුපිනී බොලිවුඩ් නිළිය, ජැකලීන් ෆර්නැන්ඩස් ඉන්දියාවේ සිදු වු විශාලතම දූෂිත මුදල් ගනුදෙනුවකට සැකකාරිනියක් වී තිබෙනවා.ඒ අනුව ඇය සතු ඉන්දීය රුපියල් කෝටි 7ක ස්ථාවර තැන්පතුවක් අත්හිටුවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ඇයට ඉන්දියාවෙන් පිටවීම ද මේ වන විට තහනම් කර තිබෙනවා.

ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ සිද්ධියකට අදාළව ඉන්දියාවේ බරපතළ මූල්‍ය අපරාධකරුවෙකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රශේකර් සමග ජැකලින්ගේ පෙම් පළහිලව්වක් ද තිබුනු බව මේ වනවිට අනාවරණය වී ඇති අතර විමර්ශකයින් සැකපළ කර ඇත්තේ අදාළ මුදල්වලින් කොටසක් ජැකලීන්ගේ නමට තැන්පත් කර ඇති බවයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දීය රුපියල් ලක්ෂ 52ක් වටිනා අශ්වයෙකු, ලක්ෂ 9ක් වටිනා පර්සියානු බළලෙකු ඇතුළු මිල අධික ත්‍යාග සහ ඩොලර් ලක්ෂ 1.5ක ණය මුදලක් තමාට චන්ද්‍රශේඛර්ගෙන් ලැබුණු බවට ඇය විමර්ශකයින් හමුවේ පාපොච්චාරණය කර ඇති බවය.

සුකේෂ් මේ වන විට ඉන්දීය පොලිස් භාරයේ පසුවන අතර වංචා කළ මුදල් කෝටි ගණනක් ජැකලීන් සඳහා වියදම් කළ බවද සුකේෂ් විසින් පවසා තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48
Video thumbnail
නාමල්ගේ කතාවෙන් අර්චුනාට හොඳටම හිනා
01:39
Video thumbnail
රනිල්ගේ සංචාරය නිල සංචාරයක් තමයි - රටේ නීතියක් නෑ..නීතිය අවනීතිය කරලා
05:29
Video thumbnail
නාමල් නැගිටිලා දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:57
Video thumbnail
විපක්ෂ නායකයා මීට වඩා සක්‍රීය වෙන්න - රජයට විරුද්ධ සියලු සටන් මෙහෙයවන්න නව මධ්‍යස්ථානයක්
03:40
Video thumbnail
ජනාධිපතිගේ ධුරය අහෝසි වෙන්නත් පුළුවන්
06:50
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58