විදුලි බිල සියයට 100කින් ඉහළට

විදුලි බිල ඉහළ නැංවීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (25) රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනට එක්වෙමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේරත්න ප්‍රකාශ කළේ එසේ වුවද එය ක්‍රියාත්මක වීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකරන බවය.

විදුලිබල මණ්ඩලය මිල වැඩි කරන්න ඉල්ලීමක් කරලා තියෙනවා. මහජන උපයෝගිතා කොමිසම ඒ සඳහා අවසරය ලබා දී තිබෙනවා. නමුත් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. හෙට ඉඳලා කවුරුහරි කියනවා නම් එක සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ ඒකකයක් නිෂ්පාදනය කරලා ඒක අලෙවි කරලා ලැබෙන මුදල ඒ ලැබුණත් පාඩුව විදුලිබල මණ්ඩලයට. මේ වෙලාවේ දෛනිකව ලැබෙන පාඩුව රුපියල් බිලියන 500කට ආසන්න මුදලක්. උත්පාදන වියදමට ගැළපෙන ආකාරයේ මිල සූත්‍රයක් හදුන්වා දීම තමයි අපි මේ වෙලාවේ සිදුකළ යුත්තේ.

අපේ රටේ මේ මොහොතේ ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙනවා. අනිවාර්යයෙන් මැයි මාසේ පළවෙනි සතියෙන් ඉක්මවන කාලය දක්වා විදුලි බලාගාරවලට සහ ඒවාට අවශ්‍ය තොග මේ මොහොතේ රටේ තියෙනවා. වැඩි කරපු මිල ගත්තත් මේ මොහොත වින විටත් පෙට්‍රල් 92 තවමත් 13.38ක පාඩුවක් තිබෙනවා. මුදල් අමාත්‍යාංශය අය කරගන්නා බද්ධ නැතුව. පෙට්‍රල් 95 කියන එක 3.28ක්, ලංකා ඔටෝ ඩීසල් කියන එක 68.79ක්, ඒ වගේම ලංකා සුපර් ඩීසල් කියන එක 67.46ක්, ඒ වගේම භූමිතෙල් 232.33ක්. මේ අද දවසේ වටිනාකම වන රුපියල් 340 කියන අගයට. තෙල් මිල අඩු කරන්න කියන්නේ අපිට වියදම් වන මුදලට වැඩිට අඩු මුදලකට විකිණීම නොවෙයි අපි සිදුකළ යුත්තේ. එහෙම තත්ත්වයට පත් වෙනවා නම් දීර්ඝ වශයෙන්ම ඒ ලබා දෙන සහන නිසා කාලයක් යන විට අපේ රට බංකොළොත් වන එක නතර කරන්න බැරුව යනවා. වගකීමෙන් කියනවා මීළඟ ඉන්ධන මිල සං‍ශෝධනයක් සිදුවෙන්නේ. ඒක ඉහළ යන්න පුළුවන් පහළ යන්න පුළුවන්. ඒ සංශෝධනය සිදුවන්නේ මිල සූත්‍රයක් මත. උපරිම මාසයකට සැරයක් අපි එය සිදුකරනවා නම් IOC සමාගම සහ අපි දෙගොල්ලොම එක මිල සූත්‍රයක් යටතේ තමයි එය ක්‍රියාත්මක වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23