විදුලි බිල සියයට 100කින් ඉහළට

විදුලි බිල ඉහළ නැංවීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (25) රාත්‍රියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනට එක්වෙමින් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේරත්න ප්‍රකාශ කළේ එසේ වුවද එය ක්‍රියාත්මක වීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකරන බවය.

“විදුලිබල මණ්ඩලය මිල වැඩි කරන්න ඉල්ලීමක් කරලා තියෙනවා. මහජන උපයෝගිතා කොමිසම ඒ සඳහා අවසරය ලබා දී තිබෙනවා. නමුත් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. හෙට ඉඳලා කවුරුහරි කියනවා නම් එක සිද්ධ වෙන්නේ නෑ. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ ඒකකයක් නිෂ්පාදනය කරලා ඒක අලෙවි කරලා ලැබෙන මුදල ඒ ලැබුණත් පාඩුව විදුලිබල මණ්ඩලයට. මේ වෙලාවේ දෛනිකව ලැබෙන පාඩුව රුපියල් බිලියන 500කට ආසන්න මුදලක්. උත්පාදන වියදමට ගැළපෙන ආකාරයේ මිල සූත්‍රයක් හදුන්වා දීම තමයි අපි මේ වෙලාවේ සිදුකළ යුත්තේ.

අපේ රටේ මේ මොහොතේ ප්‍රමාණවත් ඉන්ධන තොග තිබෙනවා. අනිවාර්යයෙන් මැයි මාසේ පළවෙනි සතියෙන් ඉක්මවන කාලය දක්වා විදුලි බලාගාරවලට සහ ඒවාට අවශ්‍ය තොග මේ මොහොතේ රටේ තියෙනවා. වැඩි කරපු මිල ගත්තත් මේ මොහොත වින විටත් පෙට්‍රල් 92 තවමත් 13.38ක පාඩුවක් තිබෙනවා. මුදල් අමාත්‍යාංශය අය කරගන්නා බද්ධ නැතුව. පෙට්‍රල් 95 කියන එක 3.28ක්, ලංකා ඔටෝ ඩීසල් කියන එක 68.79ක්, ඒ වගේම ලංකා සුපර් ඩීසල් කියන එක 67.46ක්, ඒ වගේම භූමිතෙල් 232.33ක්. මේ අද දවසේ වටිනාකම වන රුපියල් 340 කියන අගයට. තෙල් මිල අඩු කරන්න කියන්නේ අපිට වියදම් වන මුදලට වැඩිට අඩු මුදලකට විකිණීම නොවෙයි අපි සිදුකළ යුත්තේ. එහෙම තත්ත්වයට පත් වෙනවා නම් දීර්ඝ වශයෙන්ම ඒ ලබා දෙන සහන නිසා කාලයක් යන විට අපේ රට බංකොළොත් වන එක නතර කරන්න බැරුව යනවා. වගකීමෙන් කියනවා මීළඟ ඉන්ධන මිල සං‍ශෝධනයක් සිදුවෙන්නේ. ඒක ඉහළ යන්න පුළුවන් පහළ යන්න පුළුවන්. ඒ සංශෝධනය සිදුවන්නේ මිල සූත්‍රයක් මත. උපරිම මාසයකට සැරයක් අපි එය සිදුකරනවා නම් IOC සමාගම සහ අපි දෙගොල්ලොම එක මිල සූත්‍රයක් යටතේ තමයි එය ක්‍රියාත්මක වන්නේ.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26