මන්ත්‍රීවරුන් 101 දෙනෙකුට සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය ගැන කතානායකවරයා දුන් තීන්දුව

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 101 දෙනෙකුට බත්තරමුල්ල වියත්පුර මහල් නිවාස සංකීර්ණයෙන් සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස්දී ඇති බව වාර්තා වනවා.

රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන ව්‍යාපෘතිය හදිසියේම මෙසේ නතර කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත්තේ. මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් යම් යම් විරෝධතාද පසුගිය කාලයේදි එල්ලවී තිබූ බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.

බත්තරමුල්ල වියත්පුර නිවාස සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවත්වාගෙන යනු ලබන්නකි.

නිවාස ලබා ගැනීමට බැංකු ණය ක්‍රමයක් යටතේ සහනදායි ණය ලබාදීම එම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණ. ඒ යටතේ මන්ත්‍රීවරයකු වෙනුවෙන් රුපියල් කෝටියක් හෝ ඊට වැඩි ණය මුදලක් ලබාදීමට අපේක්ෂා කෙරුණු බව එම ආරංචිමාර්ග සඳහන් කළේ.

එම නිවාස ව්‍යාපෘතිය නතර කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු ප්‍රධානීන්ට සිය විරෝධය මතු කර ඇතැයි වාර්තා වේ.

මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් නිවාස නොලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හයදෙනකුට නිවාස කුලියට ගැනීම සඳහා රුපියල් 75,000 බැගින් ඔවුන්ගේ වැටුපට එක්කරන බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

( උපුටා ගැනීම : ලංකාදීප)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?