අලුත් කැබිනට්ටුවේත් ප්‍රශ්න

ඉම්රාන් ඛාන්ගේ ඉවත්වීමෙන් පසු පාකිස්ථානයේ නව අගමැති ලෙස පත්වූ ෂෙබාස් ෂරීෆ් විසින් පත් කර ඇති ඇමතිවරුන් 33කින් යුත් කැබිනට් මණ්ඩලය පිහිටුවා දිනකට පසුව අමාත්‍යාංශ බෙදා හැරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් පැනනැගී ඇති බව වාර්තාවනවා.

පාලක සභාගයේ ප්‍රධාන පක්ෂ දෙක වන පාකිස්ථාන මුස්ලිම් ලීගය-නවාස් (PML-N) සහ පාකිස්ථාන මහජන පක්ෂය (PPP) අතර මෙම මත‍භේදය මතුව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

කැබිනට් මණ්ඩලය සඳහා සාමාජිකයින් තෝරා ගැනීම සහ අමාත්‍යාංශ බෙදා හැරීම පදනම් කරගෙන මෙම අර්බුදය මතුව ඇති බව ද සදහන්.

මන්ත්‍රීවරුන් 33 දෙනෙකු ඇමතිවරුන් ලෙස දිවුරුම් දී ඇතත්, එරට රජය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ අමාත්‍යවරුන් 26 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ නම් පමණක් වීමද විශේෂත්වයක්.

මේ අතර හිටපු පාලක පක්ෂය වූ ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය නව කැබිනට් මණ්ඩලයේ බොහෝ අමාත්‍යවරුන් දූෂණ චෝදනාවලට ලක්වූවන් බවට චෝදනා නගා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි
00:43
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි - මූණත් වහගෙන යන විදිය
01:00
Video thumbnail
ආණ්ඩුවට ඇපත් නැතිවෙන ප්‍රතිඵලයක් ලැබෙන්නේ - මාලිමාවට ඡන්දය දුන්න ගොඩක් අය පොහොට්ටුව පැත්තට එනවා
04:36
Video thumbnail
අපරාධකාරයෝ සාටකේ දාගෙන සුදනෝ වගේ කතාකරනවා
08:48
Video thumbnail
22වන සංශෝධනයට පොහොට්ටුව සම්පූර්ණයෙන් විරුද්ධයි - රටේ වෙන ප්‍රශ්න නැද්ද ?
06:43
Video thumbnail
මේ කහින්නේ නැතිව ඉන්නවා හලෝ..පයිත්තියන් ඩොක්ටර්...
00:21
Video thumbnail
නාමල්ගේ මේ පයිත්තියන් ඩොක්ටර්ට කියන්න සද්දේ නැතිව ඉන්න කියලා
01:15
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48