රෝස සාරි කල්ලිය

“ඔව් අපි අපචාරකයින්ට ගහනවා. අපි උන්ව හොයාගෙන, උන්ට පොලු වලින් ගහනවා නිල් වෙනකල්ම! උන් එතකොට ආයෙ කෙල්ලෙක්ට කරදර කරන්න හිතන්නෙවත් නෑ”

මේ ගුලාබි ගැන්ග් හි නායිකාව කියනා දෙයයි.

‘ගුලාබි ගැන්ග්’ ඇරඹුණේ 2006 වසරේ දී උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් නම් ප්‍රාන්තයේ බුන්දල්ඛාන්ද් නම් ප්‍රදේශයේ බදවුසා නම් ගම්මානයෙන්. ඒ වන විට ජීවිතයේ සිව්වන දශකය පසු කරමින් සිටි සම්පත් පාල් දේවී ගම්වැසි කාන්තාවන් කීප දෙනෙකු සමඟ කුඩා සංවිධානයක් ආරම්භ කළා. සම්පත් පාල්ගේ අරමුණ වුණේ හිංසන, ළමා විවාහ, කාන්තා කළල ගබ්සාව, දෑවැදි ඉල්ලා හිංසා කිරීම, හා ලිංගික අපචාර ආදී කාන්තාවන්ට එරෙහිව දිනපතා වන හිංසා වලට එරෙහිව සටන් වැදීමය. දරිද්‍රතාවයෙන් පීඩිත වූ නූගත් ගම්වැසියන් වාසය කළ මෙම ප්‍රදේශ වල කාන්තා හිංසන බහුල වුණා.සම්පත් පාල් ද එවන් හිංසනයට ගොදුරු වූ අයෙක්.

එම අත්දැකීම වලින් පන්නරය ලැබූ ඇය මෙම කුඩා කණ්ඩායම ආරම්භ කල අතර ඉතා කෙටි කලකින් ඇය මෙන්ම මෙවන් කරදරයන්ට ගොදුරු වූ බොහෝ දෙනෙක් රෝස සාරි කණ්ඩායම සොයා පැමිණෙන්නට වුණා.

තම ප්‍රදේශයේ කොහේ හෝ කාන්තාවන්ට එරෙහි අපචාරයක් සිදුවේ යැයි ආරංචි වුවහොත්, එහි ගොස් එයට විරුද්ධව මැදිහත් වී නීතිය හරහා හෝ සාකච්ඡා කර සාමකාමී ලෙස ගැටළුව විසඳීමට උත්සාහ කිරීමත්, එයට අසාර්ථක වුවහොත් අදාල අපචාරකයාට පොලු වලින් පහරදීමත් මොවුන් සිරිතක් කරගත්තා.ඔවුන් ඒ සඳහා උණ බටයක් භාවිතා කලා.

මොවුන්ට ‘ගුලාබි’, එසේත් නැත්නම් ‘රෝස’ කල්ලිය යන නම භාවිත වීමට හේතු වන්නේ සංවිධානයේ නිල ඇඳුම ලෙස රෝස පැහැ සාරි ඇඳීම මොවුන් විසින් සිදු කරන නිසායි. ඊට අමතරව තම ආරක්ෂාව සඳහාත්, අපචාරකයින්ට පහර දීම සඳහාත් දිගු උණ බට තමා යන තැනට ‍රැගෙන යාම මොවුන්ගේ සිරිතක් වනවා.

https://youtu.be/J-DkMjYefW4
ගුලාබ් ගැන්ග් Gulab Gang ගැන අසා තිබෙනවාද?

201422610285372734 20
ගුලාබ් ගැන්ග් Gulab Gang
rtx7ms31
සම්පත් පාල්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35