AFC Banner
Empty Ad
Empty Ad

රෝස සාරි කල්ලිය

“ඔව් අපි අපචාරකයින්ට ගහනවා. අපි උන්ව හොයාගෙන, උන්ට පොලු වලින් ගහනවා නිල් වෙනකල්ම! උන් එතකොට ආයෙ කෙල්ලෙක්ට කරදර කරන්න හිතන්නෙවත් නෑ”

මේ ගුලාබි ගැන්ග් හි නායිකාව කියනා දෙයයි.

‘ගුලාබි ගැන්ග්’ ඇරඹුණේ 2006 වසරේ දී උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් නම් ප්‍රාන්තයේ බුන්දල්ඛාන්ද් නම් ප්‍රදේශයේ බදවුසා නම් ගම්මානයෙන්. ඒ වන විට ජීවිතයේ සිව්වන දශකය පසු කරමින් සිටි සම්පත් පාල් දේවී ගම්වැසි කාන්තාවන් කීප දෙනෙකු සමඟ කුඩා සංවිධානයක් ආරම්භ කළා. සම්පත් පාල්ගේ අරමුණ වුණේ හිංසන, ළමා විවාහ, කාන්තා කළල ගබ්සාව, දෑවැදි ඉල්ලා හිංසා කිරීම, හා ලිංගික අපචාර ආදී කාන්තාවන්ට එරෙහිව දිනපතා වන හිංසා වලට එරෙහිව සටන් වැදීමය. දරිද්‍රතාවයෙන් පීඩිත වූ නූගත් ගම්වැසියන් වාසය කළ මෙම ප්‍රදේශ වල කාන්තා හිංසන බහුල වුණා.සම්පත් පාල් ද එවන් හිංසනයට ගොදුරු වූ අයෙක්.

එම අත්දැකීම වලින් පන්නරය ලැබූ ඇය මෙම කුඩා කණ්ඩායම ආරම්භ කල අතර ඉතා කෙටි කලකින් ඇය මෙන්ම මෙවන් කරදරයන්ට ගොදුරු වූ බොහෝ දෙනෙක් රෝස සාරි කණ්ඩායම සොයා පැමිණෙන්නට වුණා.

තම ප්‍රදේශයේ කොහේ හෝ කාන්තාවන්ට එරෙහි අපචාරයක් සිදුවේ යැයි ආරංචි වුවහොත්, එහි ගොස් එයට විරුද්ධව මැදිහත් වී නීතිය හරහා හෝ සාකච්ඡා කර සාමකාමී ලෙස ගැටළුව විසඳීමට උත්සාහ කිරීමත්, එයට අසාර්ථක වුවහොත් අදාල අපචාරකයාට පොලු වලින් පහරදීමත් මොවුන් සිරිතක් කරගත්තා.ඔවුන් ඒ සඳහා උණ බටයක් භාවිතා කලා.

මොවුන්ට ‘ගුලාබි’, එසේත් නැත්නම් ‘රෝස’ කල්ලිය යන නම භාවිත වීමට හේතු වන්නේ සංවිධානයේ නිල ඇඳුම ලෙස රෝස පැහැ සාරි ඇඳීම මොවුන් විසින් සිදු කරන නිසායි. ඊට අමතරව තම ආරක්ෂාව සඳහාත්, අපචාරකයින්ට පහර දීම සඳහාත් දිගු උණ බට තමා යන තැනට ‍රැගෙන යාම මොවුන්ගේ සිරිතක් වනවා.

https://youtu.be/J-DkMjYefW4
ගුලාබ් ගැන්ග් Gulab Gang ගැන අසා තිබෙනවාද?

201422610285372734 20
ගුලාබ් ගැන්ග් Gulab Gang
rtx7ms31
සම්පත් පාල්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් අනුර අතර රහස් සාකච්ඡාවක් - වෙච්ච දේවල් සජිත් එළිපිටම කියයි #sajith #anurakumaradissanayake
Video thumbnail
රනිල් වික්‍රමසිංහ ගෙදර ගිහිල්ලත් - පට්ටපල් බොරු කියනවා
01:51
Video thumbnail
වසන්ත සමරසිංහගෙන් ගම්මන්පිලට පිළිතුරු - ගම්මන්පිල ඇරන් යන කොළකෑලි වලට වාර්ථා කියන්නේ නෑ
02:39
Video thumbnail
ජනතාව එකතු වී සීබී රත්නායක පන්නා දමයි..."ඔබතුමාගේ කතාවක් වත් වැඩක් නෑ අපිට"
11:12
Video thumbnail
සජිත් කියන්නේ නොමේරු ළදරුවෙක් - අපිට තියෙන්නේ බරපතළ වගකීමක් #nalindajayathissa
06:40
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:32:01
Video thumbnail
උගන්ඩා මැණිකේ වේදිකාව දෙවනක් කරමින් කරපු සුපිරි කතාව #npp #akd #anurakumaradissanayake
13:10
Video thumbnail
නාමල් හදීසියේ කතාව නවත්වයි - "හොරා හොරා හොඳම හොරා" - රැස්වීමට ආපු අයියෙක්ගෙන් ලොකු සද්ධයක්
02:03
Video thumbnail
ජනාධිපති වෙන්න කලින් කිව්වා මාස 06කට වතාවක් ජීවන වියදමත් එක්ක පඩිය ගලප්පනවා කියලා
03:53
Video thumbnail
ගුණාත්මක බෙහෙත් ගේන ක්‍රියාවලිය - සම්පූර්ණයෙන් වට්ටලා තිබ්බේ
04:49

?