අපිට කිසිම හානියක් කළේ නෑ.. කන්න දුන්නා බොන්න දුන්නා – රඹුක්කන බවුසර් රියැදුරු කියන කතාව

රඹුක්කනදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඊට මැදිවූ ඉන්ධන බවුසර් රථවල රියදුරෙක් සහ සහායකයෙක් අද (21) මාධ්‍යට අනාවරණයක් සිදු කළා. ඔවුන් සඳහන් කළේ පිරිසක් පැමිණ සිය බවුසර් රථය ඉදිරියට ධාවනය කරන්නැයි බලකළ බවයි.

බවුසර් රථයේ සහකරු,

“තෙල් ලෝඩ් එක පටවගෙන සංස්ථාවෙන් පිටවුණේ උදේ 10.30ට. 12.30 හෝ 1ට විතර තමයි අපි සමූපකාරය ඉස්සරහා රඹුක්කන ඉන්ධනහලට ගියේ. ඒ යනකොට අපිට කලින් ගිය බවුසරය ඈත තියෙනවා අපි දැක්කා. ඒත් එක්කම අපිට ඉස්සරහට යන්න සිද්ධ වුණා. පිරිස ඇවිත් අපිව ඉදිරියට රැගෙන ගියා.”

“අපිට කිසිම හානියක් කළේ කෑ.. කන්න දුන්නා..බොන්න දුන්නා. පොලීසිය සෑහෙන්න උත්සාහයක් ගත්තා බවුසර් දෙකම අයින් කරන්න. බැරිම තැන තමයි පොලීසිය කඳුළු ගෑස් ගැහුවේ.”

බවුසර් රථයේ රියදුරු,

“මම රියදුරු අසුනේ සිටියදී මිනිස්සු රෝද හතරෙම හුලං ඇරියා. ඒ නිසා පොලීසිය මට බවුසරය ඉදිරියට ගන්න කිව්වට ගන්න බැරි වුණා.”

උද්ඝෝෂකයන්ගේ පහරදීම් නිසා ඉන්ධන බවුසර් රථ දෙකට ද දැඩි හානි සිදුවි තිබෙන අතර පසුගිය 19 වනදා ඇතිවූ මෙම සිද්ධිය පාලනය කිරීමට යෑමේදී පොලීසිය සිදුකළ වෙඩතැබීමෙන් පුද්ගලයකු මියගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48